Saturday, August 31, 2013

ආගන්තුක සත්කාරය(5) පස්වන කොටස

ආගන්තුක සත්කාරය (පස්වන කොටස)
 කෙමෙන් මැදියම් රැය එලඹෙමින් තිබුනි . අභය සිටියේ මහ ඇමති නිවස්නයේය මහඇමතිතුමන් සමග වැදගත් පිලිසඳරකි එය. සැමදාම මෙන් නිල නිවස තුල රාත්‍රී පහන් ආලෝකය දැල්වී තිබුනි  සෙන්පති මඩුල්ල සිය අදහස් දක්වමින් සිටි අතර සැනින් සියල්ලන්ගේම අවධානය වෙනතක යොමුකරමන් භද්‍රා සාකච්ජා කුටිය අභිමුව වු පියගැට පෙල බැස ආවාය. මොහොතකට සියල්ලන්ගේම ඇස් ඈවෙත යොමුවිය නැවතත් සියල්ලන් සාකච්ජාවට බැසි මුත් අභයගේ දෑස නම් ඈ වෙතින් මදකටවත් නොසෙල්වුනි ඇයද අභය දෙස බලා මද සිනාවක් පෑවේ දෑසින් ඔහුට ආරාධනා කරන්නාක් මෙනි වඩා වැදගත් සම්මන්ගත්‍රනයක් බ පෙනීගිය නිසාවෙන්දෝ ඇය නැවත හැරී ඉහල මාලයෙහි වූ සිය කුටිය වෙත දිව ගියාය. එකෙනෙහිම වාගේ සම්මන්ත්‍රනයද නිමාවිය මහඇමැති තුමන්ද අභය දෙස බලා සිනහවක් පෑවෙ ඔහු සියල්ල දුටු බව කියාපාන්නට මෙනි. මද වෙලාවකින් සම්මන්ත්‍රනයට සහභාගී වුවෝ මහඇමති තුමා පසුපස ප්‍රධාන දොරෙන් ඉවත්ව ගිය අතර අභය පමණක් ශාලාව තුල නැවතුනි.ඔහුගේ හදවත වේගයෙන් ගැසෙන්නට විය. භද්‍රා තමා වෙත කල ඉඟියේ සිහියෙන්ම ඔහු සුලඟක්මෙන් පියගැට පෙලේ ඉහලට නැගුනි භද්‍රාගේ කුටිය අගුලුලා නොතිබුනි ඔහු දොර විවරකර කුටිය තුලට ඇතුලුවුනි.
භද්‍රා ඇගේ සයනය මත හිඳගෙන උන්නාය ඇය ලැජ්ජාවෙන් අභයගෙන් ඉවත බලාගෙනම කථාකලාය
“මම ඔබව බලාපොරොත්තු වුනා”
ඇය පැවසීය
“නමුත් අපගේ මෙවන් හමුවීම් සුදුසුද මෙනවිය”
අභය ඇගෙන් ප්‍රශ්න කලේය ඇය ඉන් අමනාප වූ බවක් දක්නට ලැබින
“ඔබ සැමවිටම හදන්නෙ මගෙන් පලායෑමටයි,ඔබ මධ‍්‍යම අධිරාජ්‍යට ගොස් එනතුරු මා කොතරම් වේදනාවකින් පෙලේවිදැයි ඔබ මොහොතකටවත් සිතුවාද ?”
“ඒත් මේ සියල්ල මම කරන්නෙ අප සියලුදෙනාගේම යහපත වෙනුවෙනුයි ඇයි ඔබට එය නොවැටහෙන්නේ”
අභය අසරණව ප්‍රශ්ණ කලේය
“ඔ‍‍බෙයි තාත්තගෙයි යහපත, මට තේරෙන්නෙ නෑ මට පෙනෙන්නේ ඔබ මට ආදරේ නැති බව පමණයි”
ඇය බොලඳ අයුරෙන් පැවසුවාය
“හරි එහෙනම් මගේ ආදරේ පෙන්නන්න මම කුමක්ද කලයුතු?”
අභය නැවත ඇසීය
“ මා ලඟින් හිඳගන්න” ඇය පිලිතුරුදුනි
එය ඇසූ සැනින් අභය මොහොතකට ගල්ගැසී ගි‍ෙය්ය. ඔහු ඇගේ සයනයේ ඈ අසලින් හිඳගත්තේය
“ඇයි මෙතරම් දුරක්” ඇය ඉවත බලාගෙනම සිතෙහි වූ ප්‍රීතියට පැනනැගුනු සිනහව මැඩපවත්වාගනිමින් ඇසීය
ඒඅනුවම අභය ඇයට තවත් ලංවිය දෙදෙනා කිටිකිටියේ තදවන තරමටම ලංවිය. එකිනෙකාගේ වෙගවත් හදගැස්ම දැනෙන තරමටම ලංවිය පෙර කිසි දිනක ඔවුන් මෙලෙසෙ හිඳ නැත අභය කිසිදිනක සිය මහත්මා ගතිගුන ඉවත ලා ආදරවන්තයෙකු ලෙස ඇයවෙත ලංවීනොතිබුන බැවින් මෙම අත්දැකීම ඔවුන් දෙදෙනාටම පුදුම දනවන්නක් විය අභය ඇගේ එක් අතක් සියතට ගත්තේය ඇය ලැජ්ජාවෙන් අභය දෙස බැලීය
“මගේ ආදරය පෙන්වීමට මේ හැර කලහැකි තවත් යමක් වෙයිද ?”
අභය එසේ අසනවාත් සමගම ඇගේ මුහුන අඳුරැ වන්නට විය අභය ඔබට සිදුවන්නේ කුමක්ද ? ඇයභිරාන්තව ඇසීය අභය කතා කිරීමට උත්සහ කලද වචන වෙනුවට පිවූයේ ගෙරවිලි හඬකි භද්‍රා ගේ කෑගැසීම් හඬ මධ්‍යයේ ඔහු කාමරයේ කොනක වූ කැඩපත වෙත දිවීය ඔහු තිගැස්සීගියේ සිය මුහුන වෙනුවට එහි වූයේ වෘර්ක මුහුනකි. නැවතත් ඔහු භද්‍රා දෙස බැලීය නමුත් ඇඳ මත වූයේ විශාල වලසෙකි ඌ ගොරවමින් අභය වෙත කඩාපැන්නේය. අභය අවදිවූයේ කිසිවක් සිතාගතනොහැකිවය.
මැදියම් රෑ ඈත වනාන්තරයේ රැහැයි හඬ පරයමින් නැගී එන මිනිස් පා ගැටුම් හඬක් ඔහු සවන් වැකින. ඒවනවිට ගොරවමින් නිදා සිටි සරදිලේව ඔහු අවධි කලේය
“මොකද ?” සරදියෙ ල් අත්හල දුන්නක් මෙන් සිටගනිමින් ඇසීය
“කෑගහන්න එපා මට අඩි සද්දයක් ඇසුනා” අභය සරදියෙල් හට පැවසීය
“මොන වගේ එකක්ද?”
සරදියෙල් පෙරලා ඇසීය
“මිනිස්සු කිහිපදෙනෙක් වගෙයි”
එය ඇසුනු වහාම සරදියෙල් ඒවන විටද සම්පූර්නයෙන්ම දැල්වී නිවීමට ආසන්නව තිබූ පහන නිවාදැමීය
“ඔබට හොඳටම විස්වාසද ?”
ඔහු අභය වෙත ලංවෙමින් ඇසීය
සඳඑලිය නිසා යන්තමින් එකිනෙකා දැකගැනීමට ඔවුනට හැකිවිය
“ඔවු ” අභය පිලිතුරැ දුනි
හදිස්සියකින් මෙන් අභයගේ සිරැර උඩින් බඩගාගෙන පැනගත් සරදියෙල් කාමරය තුල වූ මේසය මෑත්ක‍ලේය එය යටින් වූයේ ගුහාවකි
“ඉක්මනට ඇතුලට යන්න මිත්‍රයා ” ඔහු පැවසීය
“ඒ කුමටද ?” අභය පුදුමයෙන් ඇසීය
“විස්තර කරන්න වෙලාවක් නෑ” සරදියෙල් කෝපයෙන් පැවසීය. අභය වහාම ගුහාව තුලට රිංගීය ඔහු පසුපසම සරදියෙල් ද ඒතුලට රිංගාගත්තේය. එම ගුහා කට පැල්කොටය අටවා තිබූ ගසෙහි වු බෙනයකට සම්බන්ධවිය ගස් බෙනයෙහි වූ සිදුරැ තුලින් ඉවත වනාන්තරය හා පැල්කොටය ඇතුලත මනාව බලාගතහැකි විය
ගුහාව තුලට රිංගාගත් සරදියෙල් නැවත මේසය ඇද තිබූ පරිදිම ගුහා කට වැසීය
“මොකක්ද මේ වෙන්නෙ ?” අභය සරදියෙල් ගෙන් රහසින් ප්‍රශ්න කලේය
“මිනිස් දඩයක්කාරයො” සරදියෙල් ගස් ක‍ෙඳෙහි වූ සිදුරකින් ඉවත බලමින් පැවසීය පැවසීය
“මොනවා ඒය නීතියෙන් තහනම් වහාම මම මේ අවනීතිය අවසන්කරනවා” අභය සිය අසිපත අතට ගෙන ගුහා කටෙන් ඉවතට යෑමට සැරසුනි ඔහු ඉදිරියට වහා පිනූ සරදියෙල් ඔහුව වැලැක්වීය
“ඔබ සිතා ඉන්නෙ මේ ඔ‍බේ සුන්දර රෝහන පුරය කියලද, මේ තමයි මධ්‍යම වනාන්තරය ඔබ බලාපො‍රොත්තු වන සුන්දර නීතිය මෙහි නෑ මිත්‍රයා ඔබ කරන්නට යන දේ නිසා ඔබේත් මගේත් ජීවිත අනතුරේ”
සරදියෙල් කියවාගෙන ගියෙය
නමුත් අභය නවතින පාටක් නොපෙනුනි මේඅතර පැල්කොටයට ඈතින් මිනිස් කටහඬක් ඇසුනු බැවින් ඔවුන් මදකට නිෂ්ශබ්ද වූහ
“මට හොඳටම විස්වාසයි මෙතැනින් එලියක් දුටුවා”
යමෙකු පැවසීය
“තමුසෙ ගිහින් බලනවා ඇතුලට” තව අයෙකු කෑගැසීය අභය වහා ගස්බෙනයෙහිවූ ඉවත බැලිය හැති සිදුරකින් කටහඬ ආ දෙස බැලීය, මේ අතර සරදියෙල් පැල්කොටය ගැන විපරම් කරන්නට විය ඉවත දසදෙනෙකු පමන සිටි අතර හැඩි දැඩි සිවුදෙනෙකු විශාල කූඩුවක් ඔසවාගෙන සිටියහ ඒතුල යම් පිරිසක් සිටි බව දක්නට ලැබුනි තවත් දෙදෙනෙකු දන්ඩකට ගැටගැසූ විශාල සතෙකු ඔසවාගෙන සිටියහ
මේ අතර යම් අයෙකු පැල්කොටය වෙත එන බව දුටු අභය සරදියෙල් සිටි තැනට ගියේය සඳඑලියෙන් පැල තුලට ආ කෙනාගේ ඡායාව මනාව දැකගත හැකිවිය හේ අඩි නවයකය වඩා උස්වූ යොධයෙකි පොරවක් හෝ මුගුරක් වැනි යමක් ඔහු අත විය
“මම හිතන්නෙ මම සරදියෙල් ගෙ අදහසට එකඟයි” අභය රහසින් පැවසීය
“බොහොම හොඳයි” සරදියෙල් පිලිතුරු දුනි
යොධයා බර අඩි තබමින් පැල්කොටය තුල කිහිපවිටක් ඒ මේ අත හැරුනි ඔහුගේ වැලමිටෙහි වැදුනු පහන පෙරලී බිඳීගියේය
ඒත් සම ගම ඔහු එලියට පැන්නෙ
“මෙහේ මොකවත් නෑ යැයි පවසමිනි”
“උඹ අපට බොරු කියල පැනල යන්නද හැදුවෙ” එලෙස පවසමින් යමෙක් තවකෙකුට කසයකින් තලනු ඇසින
මද වේලාවකින් කසපහර කෑ එකා දිවවිත් පැල්කොටයේ ගස් කඳට හේත්තුවී “අනේ මාව සැනකෙලියට නම් ගෙනිය්න්න එපා !” යැයි පවසමින් කෑගස්න්නට විය වහාම ඒ දෙසට දිවගිය සරදියෙල්
ඇතුල්පැත්තෙන් කඳට හේත්තුවී “මිත්‍රයා මම සරදියෙල් උඹව කොතැනටද ගෙනියන්නෙ” යැයි රහසින් පැවසීය
එවිට අනෙක් පස වූ කෙනා “අනේ මාව වලහට කන්න දාන්න එපා !” යැයි කෑගසන්නට විය
නැවතත් සරදියෙල් “උඹව කොහොමද අසුවුනේ” යැයි ඇසීය “අනේ මම දඩයමේ ගිහිං උන්න අහින්සකයෙක් එතකොටයි මුන් මාව අල්ලාගත්තෙ”
“කීදෙනෙක් ඉන්නවද උඹත් එක්ක මිත්‍රයා” ඔහු නැවත ඇසීය මේ අතරතුර එහාපස උන් කෙනාට පිට පිට කසපහර වදින හඬද පැහැදිලිව ඇසුනි
“හොරු දහයට මේ ගෑනු දහය මදි වුනාද මාවත් ඇදං ආවේ” ඔහු නෑවත කෑගැසීය ඒත් සමගම යමෙකු ඔහුව ඇදගෙන යන හඬ ඇසෙන්නට විය.මද වේලාවකින් සියලුදෙනාම ඈත්ව යන හඬ ඇසෙන්නට විය සරදියෙල් හා අභය සැඟව උන් තැනින් එලියට ආහ.
“දැන් කුමක්ද කරන්නෙ” අභය විමසීය
“මිත්‍රයා ඔබ යුක්තිය ඉටුකරන්නට කැමතිනම් දැන් ඊට හොඳම වෙලාවයි” සරදියෙල් සිය අසිපත කොපුවෙන් ඉවතට අදිමින් පැවසීය
“ අභයද සිය අසිපත ඉවතට ඇදගත්තේය”

ඔවුන් දෙදෙනා සොර මුල ගිය මං සලකුණු ඔස්සේ ඉදිරියට දිවයන්නට වූහ    


පැය ගනනාවක් නොකඩවා රාත්‍රී සඳඑලිය මධ්‍යයේ වනාන්තරය මැදින් දිව ගිය ඔවුන්ගේ ගමන නිමාවූයේ කඳු බෑවුමකිනි බැස යන චන්ද්‍රාලොකයෙන් ආලෝකමත්ව තිබූ කඳු නිම්නයේ වූයේ කුඩා ගම්මානයකි මෙතරම් මැදියම් රැයේ වුවද එම ගම්මානයේ වූ කෑගැසීම් හාඝොෂාකාරී බවින් එහි සැනකෙලියක් වන බව අභයට පැහැදිලි විය
“මිත්‍රයා දන්නවද මේ කොහෙද කියල” සරදියෙල් විමසීය
“නැහැ”අභය විකෂිප්තව පිලිතුරු දුනි
“එසේනම් ඔබව සාදරයෙන් පිලිගන්නවා ‍සොරැන්ගේ සැනකෙලිය වෙත” සරදියෙල් අතක් දිගුකොට යමෙකුව පිලිගන්නා අයුරක් දක්වමින් පැවසීය
“ සොරුන්ගේ සැනකෛලිය ? මොන විහිලුවක්ද ඒ දෙදහස් වසරකටත් පෙර අධිරාඡ්‍ය ත්‍රිත්වයම එක්සේසත්කොට මධ්‍යම අධිරාඡ්‍යයේ පාලනය තහවුරු කරන කාලයේදීයි සැනකෙලිය නැවත නොපිහිටවන ලෙස විනාසකර දැමුවේ”
අභය දොඩවාගෙන ගියේය නමුත් සරදියෙල් ගේ මුහුනෙහි වූයේ අවඥඥා සහගත සිනාවකි
“පුන්චි දකෂිනදේශයේ ප්‍රාකාර අතර ජීවත්වීමෙන් ඔබට ජීවිතයේ වඩා වැදගත් දේවල් රැසක් මගහැරී ඇති හැඩයි මිත්‍රයා  ඔබ විස්වාස කලත් නොකලත් මේ තියෙන්නේ සොරැන්ගේ සැනකෙලියයි”
හේ වඩා තරයේ කියා සිටියේය.
“හොඳයි අපි බලමු” අභය ගම්මානය වෙත යෑමට සැරසුනි
“මදක් නවතින්න මිත්‍රයා” අභයට භාදා කරමින් සරදියෙල් පැවසීය
“ඇයි” අභය පුදුමයට පත්ව විමසීය
“ඔබ ඔය ඇඳුමින් ගියොත් ඔබටත් මටත් වැඩි වෙලාවක් එහි පණපිටින් රැ‍ඳෙන්නට වෙන්නේ නැහැ” සරදියෙල් අභය ඇඳ සිටි නිල ඇඳුමෙහි වූ දකශින අධිරාජ්‍යයේ රාජ්‍ය ලාංඡනය පෙන්වීය වෙනත් විසඳුමක් නොවූ හෙයින් ඔවුන් දෙදෙනාම එක්ව නිල ඇඳුමෙහි වූ රාඡ්‍ය ලාංඡනය ඉරා දැමීය මේ අතරතුර පහල මිටියාවතේ සිට යමෙකු තමන් දෙදෙනා දෙස බලා සිටින බවක් ඔවුන් දැන නොසිටියහ.
නොබෝ වේලාවකින්ම ඔවුන් දෙදෙනා සැනකෙලියේ දොරටුව අභිමුවට පැමිණියහ විවර කර තිබූ සුවිසල් විලක්කු ඇමිනූ දොර පලු දෙක පසුකරත්ම පාරේ පසෙකට වන්නට වූයේ අම්බලමකි. ඒ තුල වූයේ හැඩි දැඩි මිනිසුන් කිහිපදෙනෙකි ඔවුන් සියලුදෙනාගේම පාහේ මුහුනු දැඩි කැපුම් පහරවල් වලින් විකෘර්තිව තිබුනි අමුත්තන් දෙදෙනා ගැන ඔවුනට තැකීමක්වත් නොවීය මේ අතර අම්බලමෙන් එලිපිට බිම එරමිනිය ගොතා හිඳගෙන සිටි වැරහැලි ඇඳගත් මහල්ලෙකි.
අමුත්තන් දෙදෙනා දැක අපහසුවෙන් නැගිටගත් ඔහු ඔවුන් ඉදිරියට පැමින කෑමට යමක් ඉල්ලීමට මෙන් අත පෑවේය. සරදියෙල් එය ගනනකට නොගෙන ඉදිරියට යන අතරතුර අභය නැවතී ඔහුට දීමට යමක් තමා සතුව ඇත්දැයි සිය ඉන අතගා සොයන්නට විය ඔහුට හමුවූයේ සවස අඩක් කෑමට ගත් දඩ මස් කැබැල්ලයි ඔහු එය මහල්ලා අත තබා සිය අත ඉවතට ගනිද්දීම ඔහුගේ අත  ඔහු ඉනෙහි වූ අසිපත්හි මිට හා ගැටුනි පුඔහුව පුදුමයට පත්කරමින් සරදියෙල ඔහු වෙත ලබාදී තිබූ මල කෑ අසිපත මොහොතකට දිදිලුම් දුන්නේය
එය දුටු මහලු මිනිසා එම අසිපත දෙස බලා ඉතා අනුකම්පා සහගත ලෙස අභය දෙස බැලීය
“ඔබ කරැනාවන්ත පුද්ගලයෙක් එහෙත් ඔබේ අනාගතය අඳුරැයි, සියල්ල ඔබේ අතේ”
ඔහු පැවසීය මෙය අම්බලම තුල සිටියවුන්ගේ අවධානය දිනාගැනීමට සමත්විය ඔවුන් සියලුදෙනාම අභය වෙත සිය උකුසු ඇස් යොමුකරනු දුටු සරදිලයල් වහාම ඒ තැනට පැමින අභයගේ කරට සිය අත දමා ඔහුව රැගෙන ඉදිරියට ඇදෙන්නට විය
මේ අතර මහල්ලා දිගින් දිගටම
“සියල්ල ඔබේ අතේ” යනුවෙන් පවසමින් ‍මොර දෙන්නට විය වැඩිවෙලාවක් යන්නට මත්තෙන් අම්බලම තුල වූ දෙදෙනෙකු එලියට විත් මහල්ලාට පහරදී ඔහු අත වූ මස් කැබැල්ල උදුරා බිම දමා පාගා දැමීය
“මිත්‍රයා මේ සොරුන්ගේ සැනකෙලිය කවුරැවත් ඔබට කරැනාවන්ත වේවි යැයි සිතන්න එපා” සෑහෙන පමණ ඈතකට ගිය පසු සරදියෙල් රහසින් අභය වෙත පැවසීය

සම්පූර්ණ ගම්මානයම විලක්කු එලි වලින් ආලෝකමත්ව තිබුනි සැමතැනම පාහේ වෙලඳසැල් වල විවිධ දේ විකිනෙමින් තිබුනි      

Tuesday, August 20, 2013

තවත් එක් රාත්‍රියක් (4) සිවුවන කොටස

තවත් එක් රාත්‍රියක් (සිවුවන කොටස)
හිරු අවරට යමින් පැවතුනි ඒ වනවි ඔවුන් කුඩා ගං තෙරක් වෙත පැමිණ තිබුනි. උදෑසන සිට ඇවිදීම නිසා ඇතිවූ විඩාව නිවාගැනීමට හොඳම තැන මේ බව ඔවුන් දෙදෙනාටම වැටහී තිබුනි. සරදියෙල් අවට වූ ශාක කිහිපයක ‍පත්‍ර හෙන ගං දියෙන් සෝදා සිය සීරුරේ සීරුම් ඇති තැන් වල උලන්නට වූ අතර අභය ගලා යන ගං දිය වෙත නෙත් යොමා හුනි.
ඕනෑද ?
අභයගේ සිතෙහි වූ එකඟ බව බිඳිමින් සරදියෙල් ප්‍රශ්නකලේය අභය තිගැස්සී ඔහු දෙස බැලීය ඔහු අත වූයේ අඹරාගත් බෙහෙත් ගුලියකි. “නෑ මම හොඳින්”
අභය පිලිතුරු දුනි “මේක බොහොම බලවත් බෙහෙතක් මිත්‍රයා දැන් එපා කියල ඔබට පසුවට පසුතැවෙන්න වෙයි”
මෙම පුද්ගලයාට එකඳු මොහොතක් හෝ නො‍දොඩා සිතිය නොහැකිදැයි සිතමින් මද සිහවක් පෑ අභය නැවත ගං දිය වෙත නෙත් යොමන්නට විය.
“මම අඳුනන හොඳ මිත්‍රයෙක් මේ ගඟ ඉහත්තාවේ පදින්චි වෙලා උන්නා දැන් සුලු කාලෙකට ඉස්සර  එහි ගියොත් අද රාත්‍රිය පහන්කරතහැකි බයක් හැකක් නැතිව....තව එහේ හොඳ දඩ මස් එහෙමත් තියෙයි” සරදියෙල් අභය දෙස හොරැහින් බලමින් පැවසීය.
ඒ වනවිට කුසගින්න අභය ගේ කුසින් හිස තෙක් ගමන් කර තිබුනි දෙදිනක් පමණ නිරහාරව සිටි තම කුස කෑගසන හඬ ඔහු දෙසවනට ඇසෙනවා වැනිය.
“මොකද කියන්නෙ මිත්‍රයා”
සරදියෙල් නැවත ඇසීය
“හොඳයි ඔහේ ඔතරම්ම ඇවටිලි කරනවනං නොගිහන් කොහොමද” තමාට පෙර තමාගේ කුසගින්න කථා කලාක් මෙන් ඔහුට හැඟුනි.නිමේශයකින් සිය ගමන් මග වෙනස්කල ඔවුන් දෙපල ගඟ ඉහත්තාවට ඇදෙන්නට විනි.ක්‍රමක්‍රමයෙන් ගං ඉවුරු දෙපස තුරු ගහනය වැඩි වන්නට විය තව තවත් අභ්‍යන්තරයට වන්නට ගංගාව දෙපස වගුරක සභාවයක් ගත්තේය තදව වැඩුනු විශ‍ාල මුල සහ අඩි ගනනාවක් උස තුරු මුදුන් එකිනෙක යාවී භයංකාර බව තවත් වැඩිවන්නට විය එය සැබැවින්ම අසාමාන්‍ය පිහිටීමක් බව අභයට වැටහින.
අභය කුතුහලයෙන් පසුවන බව සරදියෙල් හට ද වැටහුනි

“මිත්‍රයා බිය වෙන්න එපා ඉදිරියෙදී අපට මීට වඩ දේ දකින්නට ලැබේවි” හේ එලෙස පැවසුවේ අභය අස්වසන්නට මෙනි .මොහොතකින් ඔවුහු පැහැදිලි වනාන්තරයත් වගුරත් එක්වන සීමාවකට පැමින සිටියෝය එහි ඈත කෙලවරක විශාල ගසක කඳකට සවිකර නිමවා තිබූ කුඩා ලෑලි පැල්කොටයක් විය.බැලූ බැල්මටම එය දින ගනනකින් මිනිස් ආවාසයක් නොවුනු එකක් බව අභයට පැහැදිලි විය එහෙයින් ඔහු මදක් නැවතී ඒ දෙස බලා සිටින්නට වුනි. සරදියෙල් සෙමින් හොර අඩි තබමින් ඒ වෙත ගමන් කරන අතරතුර අභයටද තමා වෙත එන ලෙස අතින් සඥ්ඥා කලේය දෙදෙනාම ඒ සෙමෙන් ඒ වෙත ලඟාවුවද ඇතුලත හෝ පිටත කිසිඳු හැලහොල්මනක් දක්නට නොවින               


සරදියෙල් සෙමෙන් පියවර තබමින් පැල්පත ඉදිරියේ වූ පියගැට පෙල නගින්නට විය .එම කුඩා පැල්පත තුල වැඩුනු මිනිසෙකු‍ට සරිලන තරම් උසක් නොවූ හෙයින් සරදියෙල් ඒ තුලට ඇතුලු වූයේ හිස නමා ගෙනය දින ගනනකින් මිනිස් වාසයක් නොවූ බව කියාපාන පිලුනු ගඳක් ඒ තුල විය අභයද සරදියෙල් පසුපසම ඒතුලට ඇතුලුවිය දෙදෙනාට යන්තමින් ඒමේ අත යාහැකි තරම් ඉඩක් ඒ තුල විය එයින්ද වැඩිය විශාල දඬු මේසයක් හැලි වලං කිහිපයක් හා ලිප් ගල් තුනකින් සීමාවී තිබුනි

ඒ මේ අත අතගාමින් ගිය සරදියෙල් හට වියලූ දඩ මස් ඔතා තිබූ මඩිස්සලයක් ලැබුනි
“මිත්‍රයා අද රාත්‍රිය ගතකරන්න මේක ප්‍රමාණවත්”
ඔහු දඩ මස් කැබැල්ලක් අභය අතට විසිකරමින් පැවසීය
අමුවෙන් ? අභය එය ඇසුවේ අප්‍රසන්න සභාවයක් පාමිනි
“ලුනු පදමට දාලයි තියෙන්නෙ! අමුවෙන් හරි දෙයක් ලැබුන එක ලොකු දෙයක් හාමතේ මැරෙනවට වඩා” සරදියෙල් එලෙස පැවසුවේ දඩමස් කැබැල්ලකින් මුව පුරවාගන්නා ගමන්මය ඔහු ඔහු තවදුරටත් ඒ මේ අත බලමින් යමක් සොයන්නට විය මීලඟට ඔහු අත ගැටුනේ පැදුරු හා සම් කඩමාලු කිහිපයකි
“ඔබ පුදුම වාසනාවන්තයෙක් නෙවැ වදයක් නැතිව රෑ පහන්කරතෑකි” ඔහු එම පැදුරු කඩමාලු ද අභය අතට දෙමින් පැවසීය මීලඟට ඔහු සොයාගත්තේ තරමක මැටි පහනකි
“තවම තෙල් බිඳක් තියෙනවා” ඔහු නැවත සිනාමුසු මුහුනින් පැවසීය. සිය කබාය තුලින් ගිනි ගලක් ගත් හෙතෙම පහන දැල්වීය
පහන් ආලෝකයෙන් පැල්පත මනාව ආලෝකමත් විය එහි බිත්ති ආවරනය කර තිබුනේ සත්ව සම් වලිනි “කොහේද ඔබගේ මිත්‍රයා” අභය බොහෝ වෙලාවකට පසු සිය හඬ අවධි කලේය
“ඔහු මේවනවිට මෙහි සිටියයුතුයි මට පෙනෙන හැටියට ඔහුට අනතුරක් වී ඇති හැඩයි”
සරදියෙල්ගේ මුහුනෙහි වූයේ කනස්සලු ස්වාභාවයකි
“අද රාත්‍රිය පහන්කර හෙට ඒපිලිබඳ යමක් කිරීමයි සුදුසු”

ඔහු නැවත පැවසුවේ බලාපොරොත්තු සුන්වූ සභාවයෙනි. වැඩි වෙලා යන්නට මත්තෙන් ඔවුන් දෙදෙනාම නින්දට වැටුනෝය.

Thursday, August 15, 2013

එක මග යන්නෝ(3)

එක මග යන්නෝ
එගොඩ වෙන අතරතුර ආගන්තුකයා වලසා දෙස බලමින් යමක් කෝපයෙන් මුමුනන බවක් දක්නට ලැබුනි. අභය හට එය පැහැදිලිව නොඇසුනි.
ඔබ යමක් කිවුවද ? අභය ආගන්තුකයා‍ ගෙන් ඇසීය
අහ් ඔවු පෙනේද දැන් යස අපූරුවට බලා ඉන්න හැටි මෝඩ මුසල වන මෘර්ගයා, ඉඳපං මං එගොඩ වෙනකන් ඔහු එක අතක් හා පාදයක්ද දිගුකොට කෑගසන්නට විය එයින් ඔහුගේත් අභය ගේත් සමබරතාවය ගිලිහි ගියෙන් ඔවුන් දෙදෙනා ඔරලෝසු බට්ටන් මෙන් ඉදිරියට හා පසුපසට පැද්දෙමින් සමබර වීමට වෙර දැරූහ ඔවුන් දෙදෙනා ගේ විකාර දුටු වලසාද හිනා හඬකින් මෙන් උඩුබුරලන්නට විය මෙය ඇසුනු ආගන්තුකයා තවත් ප්‍රකෝප විය “උඹ දැන් අපට හිනා වෙනවද ?” හේ නැවත කෑගසන්නට විනි මේ දැඟලිලි මධ්‍යයේ පාලමේ අනෙක් ඉමට ආසන්නයෙන් දිරාපත් ලනුව කැඩීයාමට ආසන්න බව අභය දිටීය.
“අර බලන්න”
ඔහු තවමත් වලසාට බනිමින් සිටි ආගන්තුකයාට ඒ බව පෙන්වීය.
“විනාසයි! ඉක්මන් කරපන් මිත්‍රයා නැතිනම් උඹටත් මටත් එලොවදී මුනගැහෙත හැකි” එලෙස පවසමින් ආගන්තුකයා වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. එතැන් පටන් දෙදෙනාගේ ගමන ඉක්මන් වුනි. ආගන්තුකයා ප්‍රථමයෙන් එගොඩට පය තැබීය. ඔහු එගොඩට පය තබනවාත් සමගම අවාසනාවන්ත ලෙස පාලනුවේ එක් වරපටක් බිඳී ගියේය එයින් ඇතිවු ගැස්ම නිසා අභය නැවතත් ඒමේ අත වැනෙන්නට විය. ආගන්තුකයා මෙය ගනනකටවත් නොගත්තේය හේ මුලින්ම කලේ ගල් කැබලි කිහිපයක් අහුලා ගැනීමයි
“උඹ හිතුවෙ මාව මරන්නද මොඩයා ආ ඉඳා උඹට දැන් පුලුවන් නං වරෙන් අල්ලා ගනින් මගේ වලිගෙ”
ඔහු උඩ පනිමින් ඒවායෙන් එගොඩ හුන් වලසාට පහර දෙන්නට විය. මේ අතරතුර පාලමේ ලනුව තව දුරටත් බුරුල් වෙමින් පැවතුනි
“මිත්‍රයා ඔබ මට උදව්වක් කරනවානම් මේ ඊට හොඳම වෙලාව වේවි”
අභය කෑගෑවේය, ආගන්තුකයා අභය දෙස බැලූ අතර කොපාවිශ්ඨ වලසා ගොරවමින්  දෙපයින් සිටගත්තේය ගතවූයේ නිමේශයකි ආගන්තුකයා ලතෝනි දෙන්නට වූ අතර අභයට කීමට හැකි වූයේ “අපොයි” කියා පමණි වලසා සිය  ශක්තිමත් තියුනු කිනිසි වන් නිය සහිත භාහුවෙන් එතෙර වු පාලම් කනුවට පවනට බඳු වෙගයෙන් පහරක් ගැසීය ඒවන විටද දිරා අර්ධයක් බොල්වී තිබූ කනුව දුහුවිලි වලාවක් නංවමින් සීසීකඩ කුඩුවී ගියේය. වාරුව ගැලවීගියෙන් ඇදවැටෙන ලනුවද සමග අභයද හෙල තුලට ඇදවැටුනි. අභය සෑහෙන තරම් පහලට ඇදවැටෙන තෙක් බලාසිටි වලසා ආගන්තුකයා දෙස හැරී නැවතත් වරක් සිනහ හඬින් ඔච්චමට මෙන් උඩුබුරා වනාන්තරය තුලට අතුරුදහන්ව ගියේය.
පහලට වැටුනු අභය අල්ලාගෙන සිටි ලනුව ඔස්සේ පහලට රූරා යන්නට විය ඔහුගේ දෑත ලනුව හා ඇතිල්ලීම නිසා ගිනියම්ව පිලිස්සුනි නමුත් ඔහු සිය ග්‍රහනය බුරුල් නොකිරීමට ග්‍රහනය තීවෘ වත්ම ලිස්සීම බාල විය යන්තමින් ලනුව අවසන් වන අන්තයේම තිබූ රුක් මුලක හේ එල්ලීගත්තේ ජීවිතය ගැන යන්තම් බලාපොරොත්තුවක් ඇතිවය.මීලඟට ඔහු කෙමෙන් කෙමෙන් ලනුව දිගේ ඉහලට ඇදෙන්නට විය. සෑහෙන තරම් වෙලාවකින් පසුව මුදුනට ලඟාවීමට ඔහුට හැකිවිය මුදුනට ලඟාවී යන්තමින් තනනිල්ලට සුරත තබාගත්තද එතැනින් ඔබ්බට එකඳු ඇඟිල්ලක්වත් සෙලවීමට ඔහුගේ සිරුරට ශක්තියක් නොවීය. ඒ වන විටද ආගන්තුකයා කඳු ගැට්ට මත යමක් කරමින් උන්නේය සැබැවින්ම ඔහු අභය වෙනුවෙන් සොහොන් කොතක් තනමින් හුන්නේය.
ඒ වන විට අභයට කතා කරගැනීමට වත් හැකියාවක් නොවූ  තරම්ය ඔහු හති අරිමින් “මිත්‍රයා දැන්ම ඕක අවශ්‍ය වෙන එකක් නැහැ” යැයි පැවසීය ආගන්තුකයා පසුපස හැරුනි හේ බූතයෙකු දුටුවාක් මෙන් සුදුමැලි වී ගියේය බියටම දෝ ඔහුට කෙලගිලුනි.
“බය වෙන්න දෙයක් නෑ මම තාම ජීවතුන් අතර......... තවත් මොනවද බලාගෙන ඉන්නෙ....” අභය ඉතා අමාරැවෙන වචන පෙල ගැටගසාගත්තෙය ,
“මිත්‍රයා ඔබ නම් සැබෑ වාසනාවන්තයෙක්” ආගන්තුකයා ඔහු අසලට පැමිනෙන අතරතුර පැවසීය. ආගන්තුකයා ගේ අත් උදව්වෙන් කඳුගැටිය මතට නැගගත් අභය මද වේලාවක් ගිමන් හරින්නට වුනි.
ආගන්තුකයා ඔහු සතුව තිබූ ලබුකැටය අභය වෙත දුනි ඉන් පසුව ඔහුම කතාවට මුලපිරීය
“මිත්‍රයා ඔබ කොහි යනවා කියලද කිවුවෙ”
“මම යන්නෙ මධ්‍යම අධිරාජ්‍යට”
“බොහොම හොඳයි මමත් ඒ දිශාවටමයි යන්නෙ..... ඔ‍බේ ඇඳුම් ආයිත්තම් වලින් නම් පෙනෙන්නෙ නෑ ඔබ සාමාන්‍ය පුද්ගලයෙකු බව ඔබ සෙන්පතියෙක්ද එසේනම් ඇයි මේ තනියම කොහෙද ඔ‍බේ බලකාය”
“මමත් තවත් පහලොස් දෙනෙකුත් මේ ගමනට නික්මුනා යන අතරමගදී අපව මං පහරන්නන් පිරිසකට මැදි වුනා අනෙක් සත් දෙනෙකු තුවාල ලැබූ නිසා සියලු දෙනාම නැවතත් දකෂින දේශය බලා ගියා රාජකාරිය මගහැරිය නොහැකි නිසා මා පමනක් තනිවම හෝ මෙය කලයුතුයි මඨ්‍ධ්‍යම අධිරාජ්‍යට යෑමේ ඔබේ අරමුන කුමක්ද ?”
“අහා වැඩියමක් නොවෙයි මම වාසනාව සොයා යන්නෙක් සමහර විට වෙලඳාමක් නැතිනම් රැකියාවක්”
“ඔබව මුනගැසීම සතුටක් මිත්‍රයා මම අභය”

“මම සරදියෙල්”
බිම හිඳගැනීම නිසා සිය සිරුරෙහි ගෑවී තිබූ දුහුවිලි පිස දමමින් නැගිට ගත් ඔහු අභයටද නැගිටීමට අත දෙමින් පැවසීය 

එකෙනෙහිම එය හොඳින් අසා පුරුදු නමක් බව අභය හට මෙනෙහිවිය.
“දැන්ම පිටත් වුනොත් හොඳ‍ වෙයි මද්දහනටත් කිට්ටු කරගෙනයි එන්නෙ”
සරදියෙල් අභය ගේ සිතුවිලි වලට භාදා කරමින් පැවසීය අභය සතුව ඒ වනවිට තිබුනේ මාලිමාවක් පමණි වාසනාවකට මෙන් ඔහු මෙපමන දුර පරෙස්සම් කරගෙන ආ ලිපිය කිසිඳු හානියකින් තොරව ඔහු සතුව පැවතුනි. ඔහු මාලිමාව සියතට ගෙන පිරික්සන්නට විය තමා පහලට වැටුනු මොහොතේ එය කැඩී ඇති සෙයකි එය එක් දිශාවකට යොමුවනව වෙනුවට විටින් විට කහිප පලකට හැරෙයි. අභය එයට කිහිප විටක් තට්ටු කර බැලුවද තත්වයේ වෙනසක් නොවුනි. අභය මාලිමාවෙන් මග සොයන අයුරු ඔහු පිටුපසින් එබිකම් කරමින් නිරක්සූ සරදියෙල්
“මිත්‍රයා ඔබ මධ්‍යම දේශයේ කඳු පන්ති,වනාන්තර ඔය ලෙසට තරනය කරන්නට යනවා නම් ඔබට හිමි වන්නේ නියත මරණයක්” යැයි පැවසීය
“ඒ ඇයි ?” අභය පෙරලා ප්‍රශ්න කලේය ඊට පිලිතුරැ ලෙස සරදියෙල් වදන් පෙලක් මුමුනාගෙන ගියේය.
“මිත්‍රයා මාලිමාවක් කවදාවත් මේ කඳු වලදී හරි පාර කියන්නේ නෑ උන් මේ මායාකාරී කඳුත් එක්ක මිත්‍රයි. මේ පිහිටි පොලොව විශමයි ඔබේ හොඳම මිතූරාත් ඔබට ‍ද්‍රෝහී වේවි, යන්ත්‍ර සූත්‍ර පමණක් නොව ඔබේම අසිපත පවා ඔබට අවනත නොවේවි මායාකාරී ගහකොල වන සීපාවුන් පවා ඔබ හා දොඩමලු වෙන්නට ගනීවි ඔබව වසඟයට ගන්නට යක්ශනියන් සුර දූතිකාවන් ලෙස පැමිනේවි” මෙය පවසන විට ඔහුගේ මුහුනේ බිය හා සංත්‍රාසය පිරී තිබුනි
“ඔබ මීට පෙර මේ වනාන්තර වල කරක්ගහල තියනවද ?” ඔහු සැනින් සිය ඉරිඅවුව වෙනස්නර කපටි සිනහවක්ද සමග ඇසීය
“නැහැ” අභය මුකුත් නොදන්නා වග පෙන්වීමට මුහුනද ඇද කර පිලිතුරැ දුනි
“එහෙනං බොහොම හොඳයි  මම කලින් කියූ කිසිවක් නොකීවා යැයි සිතාගන්න”
“ඔබ බොහොම හොඳ කථාකාරයෙන් නෙවැ” අභය මද සිනහවක් සහිතව පැවසීය.
එයට සරදියෙල් ගේ පිලිතුර වූයේ මද සිනහවක් පමණි එය අවක්ඥා සහගතව ඇතිවූවක්ද නැතිනම් සැබවින්ම පහලවූ සිනහවක්ද යන්න අභයට තේරුම්ගියේ නැත. කෙසේ නමුත් තමා වෙනුවෙන් සෑදූ සොහොනේ සොහොන් කොත ලෙස යොදා තිබූ තමන්ගේ අසිපත ඔහු එතැනින් ගලවාගත්තේය. ඔවුන් දෙදෙනා කඳු පල්ලම දිගේ හෙමෙන් පහලට බසින්නට වුනි මද දුරක් බැස්ස පසු. පෙරමුන ගෙන සිටි සරදියෙල් අභයට නවතින ලෙස අතින් දැක්වීය ඔහු ඉන්පසුව සිය දබරඇඟිල්ල දිගුකොට ඈත පිහිටි කඳුගැට පෙලක් අභය වෙත දැක්වීය 
“පේනවද මිත්‍රයා අර නිදාසිටින යොධයෙකු බඳු කඳු පන්තිය”
අභය මින්පෙර ඒ ගැන අසා තිබුනි නමුත් සැබැවින්ම දැක තිබුනේ නැත සරදියෙල් පෙන්වූ පසු ඔහුට එය වඩාත් කැපී පෙනුනි එය සැබැවින්ම නිදා සිටින යොධයෙකු බඳු විය කෙතරම් කල් ඌ නිදාගත්තේද යත් උගේ සිරුර මත තුරු ලතා වැවුනි සිරැර මත දුහුවිලි තැන්පත්ව කන්දක් මෙන් විය නහස්පුඩු හා ඇඟිලි තුඩු අගින් ගංගා ගලාබසින්නට විය අභය කුඩාකල ඇසු ළමා කතා වල ඔහු වඩාත්ම ප්‍රිය කල කතාන්දරය එය විය “යොධයාගේ නිම්නය” අභයට එකවිටම මිමිනින.
“ඔබ මම හිතුවාට වඩා යමක් දන්නා හැඩයි” අභය මුමුනනු ඇසුනු සරදියෙල් පිලිතුරු දුනි.
“මිත්‍රයා ඔය යොධයාගේ හිස මතින් තමයි මධ්‍යම අධිරාඡ්‍යට මග වැටී ඇත්තේ මංසන්ධි ගම්මාන දෙක තුනකුත් කුඩා නගර දෙකකුත් අප යන මග ඔස්සේ ති‍බෙනවා බිය වීමට දෙයක් නෑ නමුත් දැන් පය ඉක්මන් කරමු රාත්‍රියේ ලැගුමට තැනක් සොයාගැනීම අත්‍යාවශ්‍යයි”


එසේ පවසා ඔහු නැවතත ගමන ඇරඹිය ඔහු පසුපස අභයද සීරැවෙ පියවර තැබීය  

Tuesday, August 13, 2013

අපූරු මිත්‍රයා (2) දෙවන කොටස

අපූරු මිත්‍රයා (දෙවන කොටස)
හිස පුපුරා යන තරම් වේදනාවක් ද නැහැය තුල පුපුරු ගසනා දුර්ගන්ධයක් ද සමගින් අලුයමට හඬලන කුරුලු නාදයද එකිනෙක මිශ්‍රව තිබුනි ඔහු සිටියේ ගල් ලෙනක් තුලය තමා පෙර දින රාත්‍රියේ දුටුවේ සිහිනයක් ද? නැතිනම් සැබෑවක්ද? සිතිවිලි ගොන්නක් ඔහු සිත තුල දෝංකාර දෙන්නට විනි. එය සිහිනයක් විය නොහැක එසේ වුනි නම් තමා අද ජීවත්ව සටීම සැක සහිතය. තද කුසගින්න නිසා ඔහු තමා අවට ආහාරයට ගත හැකි යමක් වේ දැයි සෙවීමට වැතිර සිටි තැනින් නැගිට්ටද එසැනින නැවත ඇදවැටුනි මදක් විමසිල්ලෙන් බැලූවිට ඔහු දුටුවේ සිය දෙපා සම් කඩකින් ගැටගසා ඇති අයුරකි දෙපා පමණක් ගැටගසා දෑත නිදහස්ව තබන්නට තරම් අනුවනයෙක් ද තමන්ට මුනගැසී ඇත්තේ හේ එලෙස සිතමින සිය ඉනෙහි වු අසිපත වෙත අත ‍යැවීය පුදුමයකි අසිපත නැත ඇත්තේ කොපුව පමණි රාත්‍රියේ හමුවූ ආගන්තුකයා සිය අසිපත පැහැර ගෙන වියයුතුය. නමුත් පමා වීමට කාලයක් නැත ඔහු අතට හසුවුනේ  ගල් පතුරකි කිහිප විටක් වැරෙන් අතුල්ලනවිට දෙපා බැඳ තිබූ සම් කඩ දෙකඩ විය.
වහා නැගිටගත් ඔහු සිය සිරැ‍රේ හා ඇඳුම් වල වූ දුහුවිලි ගසාදමන්නට විය ඇඳුම් වල දුහුවිලි වල‍ට අමතරව දුඹුරැ පැහැ කෙඳි විශේෂයක් තම අතේ ගෑවී තිබෙනු ඔහු දිටීය නිතැතින්ම ඒ වලසෙකු ගේ මවිල් ගසක් බව හේ ඇඳිනගත්තේය තම ආරකෂාවට අසිපතවත් ලඟ නැතිවීම නිසා ඔහුට ආගන්තුකයා ගැන ඇතිවූයේ වෛරයකි ගුහාව තුලින් තරමක ගල්ගෙඩියක් ඇහිඳගත් ඔහු ගුහාවෙන් ඉවතට ආවේය තමා සිටින්නේ විසල් කඳුගැටයක මධ්‍යයෙහි බව ඔහු දුටුවේ එවෙලෙහිය. ගුහා කටින් මදදුරක් ඔබ්බෙහි වු හෙල්ගැට්ට මත වාඩිවී සිටි ආගන්තුකයා ඔහු නෙත ගැටුනි පසුපස නොබලා නොසෙලවීම ආගන්තුකයා කතා කරන්නට විය
ම්ත්‍රයා ඇහැරිලා වගෙයි , කොහේ හරි යනවද ?
හෙතෙම ඇසීය අසාමාන්‍ය බස්වහරක් හා කතා විලාසයක් ඔහු සතු විය
ඔවු මම දකෂින රාජ්‍යයේ වැදගත් රාජකාරියකට මධ්‍යම අධිරාජ්‍යට යන කෙනෙක්.
අභය පිලිතුරු දුන්නේ මිනිසා එතරම් සැක දනවන්නෙකු නොවන බැවිනි.
ඔහේ මේ පාන්දර වලස් ගුහාවක් ලඟ මොනවද කරන්නෙ ? අභය නැවත සැක හැර දැනගැනීමට ඇසීය
ඊයේ රෑ ලැගුම්ගන්න තැනක් හොයද්දි මට මෙතන මුනගැහුනෙ.
ඔහු පසුපස නොබලාම පිලිතුරැදුනි
ආ එතකොට ඔහේද මාව මෙතනට ගෙනාවෙ?
ඒ වන විටද අභයගේ අත මත ගුහාව තුලින් ඇහිඳගත් ගල්ගෙඩිය විය.
ඔවු මේක වලස් ගුහාවක් බව දන්නවනම් කොහෙත්ම  මේ පැත්තට වත් එන්නෙ නෑ. හෙතෙම මදනක් කලකිරුනු සභාවයෙන් පැවසීය
කොහෙද එතකොට වලහ ඔහේ ඌව මැරුවද ?
අභය නැවතත් ඇසිය
මිත්‍රයා අන්න එතැන තමයි ගැටළුව !
ආගන්තුකයා එය පවසනවාත් සමගම වනාන්තරය තුල සැඟව සිටි වලසා අභය වෙත ගොරවමින් කඩාපිනීය. අභය භීතියෙන් කෑගසමින් සියතෙහි වු ගල්ගෙඩිය වලසා වෙත දමාගැසීය වාසනාවකට මෙන් ගල්ගෙඩිය දැවැන්ත වලසාගේ මුව තුල සිරවිය ඌ එය ගලවාගැනීමට තැත්කරන අතරතුර ආගන්තුකයා සිටි තැනින් නැගිට අභය අසලට පැමිනියේය.
මූ මාව දකියි කියල තමයි මම අතනට වෙලා ඉඳගෙන උන්නෙ. නියම නුවණ මිත්‍රයා ! ඔහු පැවසීය.

වලසා සිය මුව නිදහස් කරගැනීමට සෑහෙන තරම් වෙලාවක් දැඟලීය   


ඊලඟට ?...... එසේ අසමින් අභය ආගන්තුකයා වෙත හැරුනේ ප්‍රශ්ණ සහගත බැල්මක් සහිතවය මදක් කල්පනා කල ආගන්තුකයා “දැන් ඉතින් දුවමු” යැයි පවසා පසු නොබලා පල්ලම් සහිත වනලැහැබ ඔස්සේ ලිස්සාවැටෙමින් දිවයන්නට විය.
            එකෙනෙහිම වාගේ වලසාද සිය මුව නිදහස් කරගත් අතර තමන්ට කලහැක්කක් නොමැති බව දැනගත් අභය ආගන්තුකයා පසුපස දිවයන්නට විය. තව දුරටත් ප්‍රකෝප වී සිටි වලසා ද මොවුන් දෙදෙනා පසුපස ලුහුබඳින්නට විය මද දුරක් දිව යද්දී අභය ආගන්තුකයා ට වඩාත් ආසන්න විය.
ඇයි ඔහේ මගේ පස්සෙන් එන්නේ ? .......දුවන අතරතුරම ආගන්තුකයා කෑගසමින් ඇසීය
මට අයිති දෙයක් ඔහේ ගාව තියනවා! ....... අභය පිලිතුරු දුනි ඒ ඇසූ ආගන්තුකයා බියවුනු බවක් දක්නට ලැබුනි “මොකක්ද වෙන්න බෑ ............” හෙතෙම තැතිගත් සභාවයෙන් ම පිලිතුරු දුන්නේය ඒ අතරතුරම ඇඳසිටි සම් කබායද අතපත ගා බැලීය  
“මගේ කඩුව .............” අභය නැවත කෑගැසීය.
“අහ්” ...අඳුරුව තිබූ ආගන්තුකයාගේ මුහුනට මද ආලොකයක් පැමිණියේ එවිටය . ඔහු සිය ඉනෙහි වූ අසිපතක් අතට ගත්තේය සැබැවින්ම ඔහුගේ ඉනෙහි අසිපත් තුනක් විය දෙකක් මලබැඳුනු පරණ ඒවා වූ අතර එකක් හොඳින් ඔප දැමූ අලුත් එකක් විය.
ආගන්තුකයා දුවන අතරතුරම ඉතිරි අසිපත් දෙකද අතට ගෙන පිරික්සන්නට විය. දිදුලන නැවුම් අසිපත දුටු සැනින් අභය එය තමාගේ බව ඇඳිනගත්තේය නමුත් ඔහු යමක් කීමට ප්‍රථම ආගන්තුකයා එය ඉනෙහි රුවාගෙන ඔහු සතුවූ පැරණි අසිපතක් අභය වෙත විසිකලේය.
“ඒත් මේ මගේ කඩුව නෙවෙයි .....” අභය ආගන්තුකයාට කෑගැසීය.
“එහෙම තමයි මිත්‍රයා ජීවිතය අපට හැමදාම එකවගේ සලකන්නේ නැහැ !........ලද දෙයින් සතුටු වෙන්න” ආගන්තුකයා එසේ පවසා සිය වේගය තවත් වැඩි කලේය ඔවුනට එලෙස වැඩි දුරක් දිවයෑමට නොලැබෙන බව ඔවුන් දැන සිටියේ නැත ඔවුන් ගමන්කල මංපෙත අවසන් වූයේ දිරා ගිය වැල් පාලමකිනි ‍එය ඉතා ගැඹුරු හෙලකි පහලින් ගල්වැටි සහිත වෙගවත් ගංගාවක් ගලා යමින් තිබුනි. වැල් පාලමේ ඉතිරිව තිබුනේ එගොඩ හා මෙගොඩ යාකරන දිරාපත් කනු දෙකක් හා අතීතයේ පාලම තිබුනා යැයි කියාපාන අත් වාරුවට යොදාගත් ලනුවක් හා පාතැබීමට තිබූ ලෑලි ගැටගසා තිබු ලනුවක් පමණි.  
ඉදිරියෙන් දිවගිය ආගන්තුකයා  මුලින් නැවතුන අතර පසුපස බලමින් දිව ආ අභය ආගන්ගන්තුකයාගේ ඇ‍ඟෙ හැපුනි දෙදෙනාම යන්තමින් සිය දිවි බේරාගත්තෙ පාලම් කනුව අල්ලාගෙනය. ඇතින් දිව එන වලසාගේ ගෙරවුම් නාදය කඩින්කඩ තව තවත් වැඩිවෙමින් ඇසෙන්නට විය.
“මිත්‍රයා මීට කලින් අතුරේ ගිහින් තියනවද ?” ආගන්තුකයා අභයගෙන් ඇසීය
“නැහැ” අභය පිලිතුරු දුනි

“එහෙනම් මාව අනුගමනය කරන්න” එසේ පවසමින් ආගන්තුකයා පාලමේ ඉහල ලනුව අල්ලා ගෙන ඒ සමගම පහල ලනුවට දෙපා තද කරගනිමින් කෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. අභයද ඔහු අනුවම යමින් පාලමේ ඉදිරියට ඇදෙන්නට වුනි දෙදෙනා පාලමේ අඩක් පසුකිරීමටද ප්‍රථම වලසා එතැනට පැමිණියේය ඌටද මෙම ක්‍රියාව පුදුම දනවන්නක් විය දෙපයින් නැගිට උඩු සුලඟ ඉවකල උ එතැනම හිඳගෙන දෙදෙනා පාලම තරනය කරන අයුරැ බලා හුන්නෙය.  

Saturday, August 10, 2013

ආගමනය(1) පලමු කොටස

එය අඳුරු රාත්‍රියක් විය තම ජීවිතය පරයා සටන බට විරුවෙකුගේ සිතට වුවද සුලු හෝ තැතිගැන්මක් ඇතිකිරීමට ප්‍රමානවත් මූසල නිහැඩියාවක් ඔහු වටා වෙලී තිබුනි.

රුදුරු වන සතුන්ගේ ගෙරවිලි හඬ විය යුතුය ඒ .....දහසකුත් එකක් සිතිවිලි මැද සිරවී සිටි බැවින් වන රුක් වලින් වටවුනු එම දෙබුක්කාව මැදින් හෙ‍තෙම ගමන් කලේ කඩිනම් පාදයෙනි. අව ස‍‍ඳේ මන්දාලෝකයට පොලොව වෙත ඒමට ඉඩ දීමට වත් වනස්පතිය කරුණාවන්ත නොවීය. නිවැරදි ක්‍රමය නම් රාත්රි යේ ලැගුම්ගෙන දිවා කාලයේදී නැවත ගමන ඇරඹීමයි. නමුත් මෙම රාජකාරිය විවෙකගෙන කලහැකිවක් නොවන බව ඔහුට මනාව පැහැදිලිය. මුලු මහත් දියතෙහිම අනාගතය රැදීපවතින්නෙ තමන් ගෙනයන පනිවුඩය ලැබීම හෝ නොලැබීම මත බව සිහිවන වාරයක් පාසා ඔහුගේ හදගැස්ම තව තවත් ත්රීලවෘව දෝංකාර දෙන්නට විනි. ඔහු නමින් “අභය” විය රෝහන අධිරාජ්යනයේ කිර්තිමත් සෙන්පතියෙකු ලෙස ලෙස ලැබීමට තවත් යමක් ඔහු වෙත ඉතිරිව තිබුනේ ද නැත එලෙස තිබුනානම් ඒ අන් කවරක්වත් නොව තම කුළුඳුල් පිවිතුරු ආදරයම පමණි ඇය නමින් භද්‍රා වූවාය. ඔවුන්ගේ ආදරය රටටම නොරහසක් විය ඇයගේ පියානන් නැතහොත් මහඇමති තුමන් තම සම්බන්ධයට දැක්වු කැමැත්ත ඔහුගේ සිතට සැබවින්ම සහනයක් ගෙන ආවේය. මෙම රාජකාරිය නිමාවු පසු සිය මවුරට බලා ගොස් තම සිත් පැහැරගත් ඒ යුවතිය දිවි ඇති තෙක් තමා සතු කරගන්නා තෙක් ඔහුගේ සිත ඉවසුම් නුදුන්නෙය.  


රාත්‍රියේ නිහැඬියාව දෙදරවමින් වනාන්තරයේ කෙලවරකින් නැගුනු මහා උඩුබිරුම් නාදයක් ඔහු පසුකර ගියේ ඊටම ගැලපෙන මන්ද මාරුතයක්ද සමගිනි රාත්‍රියත් සමගම සිසිලව තිබූ ඔහුගේ ගත තුල ගිනි දැවෙන්නාක් වැනි හැඟීමකින් ඔහුගේ අත ඉනෙහි රුවා තිබූ අසිපත වෙත නිතැතින්ම ඇදීගියේය මදසුලඟට ලෙලෙන තුරුපත් නාදය අතරින් ගකෙමෙන් තමාවෙත ලංවන වන සතෙකුගේ පියවර හඬ ඔහුගේ මනාව සටනට ප්‍රගුන කල දෙසවනට පැහැදිලිවම ඇසෙයි ඒ වෘර්ක රැලකි රාත්‍රයේ තනිව සරන්නෙකු මුනනොගැසිය යුතු යම් සත්ව කොටසක් වෙයිද මේ ඉන් එකකි.


     සිය සිරුර තුල ගිනියම්වූ අඟුරැවල උනුසුම සිය පිටින් හා දෙකනින් පිටවන අයුරක් ඔහුට දැනෙන්නට විය. පහරදීමට බලා සැඟව සිටින වෘර්ක රැල සිය පළමු පියවර ඉදිරියට තබන තෙක් ඔහු මදක් නිශ්චලව හුන්නෙය  ඔහු බලාපොරොත්තු වූ ලෙසටම පලමු වෘර්කයා ඔහු ඉදිරිට පියවර නැගීය. රුදුරු මුහුනක් පාමින් ගොරවමින් සිටි සත්වයාගේ මුවින් කෙල වැගිරෙමින් තිබුනි දෙවරක් නොසිතාම ලේ පිපාසිත සත්වයා අභය ඉදිරියට පිනීය නමුත් ඔහුගේ පලමු කඩු පහරින්ම බරපතල ලෙස තුවාල ලද ඌ කෙඳිරිලි හඬ නගමින්ද නැවත ගොරවමින්ද වනාන්තරයෙ අඳුරවෙත අතුරැදහන්විය. ‍දෙවන ප්‍රහාරය එල්ලවන්නෙ තමා පසුපසින් බව ඉවෙන් මෙන් දැනගත් අභය පසුපසට හැරුනි. සැනින් ඔහුව විකශිප්ත භාවයට පත්කරමින් ඔහු පසුපස වූයේ විලක්කුවක් අතිනගත් මිනිසෙකි ඔහු දෙවරක් සිතීමට ප්‍රථම මිනිසා ඔහුගේ හිසට වැරිපහරක් ගැසීය තමා අවට බොඳවී යනවාක් මෙන් අභයට දැනින අප්‍රානිකව ඇද වැටෙන තමා වෙත වෘර්කයන් කඩාපනින හඬද විලක්කු කරැ තමා මතින් පැන වෘර්කයන් හා සටන් වදින හඬද හමුවේ ඔහුගේ කඳුලින් බොඳව තිබූ ඇස් පියවී ගියේය