Tuesday, August 13, 2013

අපූරු මිත්‍රයා (2) දෙවන කොටස

අපූරු මිත්‍රයා (දෙවන කොටස)
හිස පුපුරා යන තරම් වේදනාවක් ද නැහැය තුල පුපුරු ගසනා දුර්ගන්ධයක් ද සමගින් අලුයමට හඬලන කුරුලු නාදයද එකිනෙක මිශ්‍රව තිබුනි ඔහු සිටියේ ගල් ලෙනක් තුලය තමා පෙර දින රාත්‍රියේ දුටුවේ සිහිනයක් ද? නැතිනම් සැබෑවක්ද? සිතිවිලි ගොන්නක් ඔහු සිත තුල දෝංකාර දෙන්නට විනි. එය සිහිනයක් විය නොහැක එසේ වුනි නම් තමා අද ජීවත්ව සටීම සැක සහිතය. තද කුසගින්න නිසා ඔහු තමා අවට ආහාරයට ගත හැකි යමක් වේ දැයි සෙවීමට වැතිර සිටි තැනින් නැගිට්ටද එසැනින නැවත ඇදවැටුනි මදක් විමසිල්ලෙන් බැලූවිට ඔහු දුටුවේ සිය දෙපා සම් කඩකින් ගැටගසා ඇති අයුරකි දෙපා පමණක් ගැටගසා දෑත නිදහස්ව තබන්නට තරම් අනුවනයෙක් ද තමන්ට මුනගැසී ඇත්තේ හේ එලෙස සිතමින සිය ඉනෙහි වු අසිපත වෙත අත ‍යැවීය පුදුමයකි අසිපත නැත ඇත්තේ කොපුව පමණි රාත්‍රියේ හමුවූ ආගන්තුකයා සිය අසිපත පැහැර ගෙන වියයුතුය. නමුත් පමා වීමට කාලයක් නැත ඔහු අතට හසුවුනේ  ගල් පතුරකි කිහිප විටක් වැරෙන් අතුල්ලනවිට දෙපා බැඳ තිබූ සම් කඩ දෙකඩ විය.
වහා නැගිටගත් ඔහු සිය සිරැ‍රේ හා ඇඳුම් වල වූ දුහුවිලි ගසාදමන්නට විය ඇඳුම් වල දුහුවිලි වල‍ට අමතරව දුඹුරැ පැහැ කෙඳි විශේෂයක් තම අතේ ගෑවී තිබෙනු ඔහු දිටීය නිතැතින්ම ඒ වලසෙකු ගේ මවිල් ගසක් බව හේ ඇඳිනගත්තේය තම ආරකෂාවට අසිපතවත් ලඟ නැතිවීම නිසා ඔහුට ආගන්තුකයා ගැන ඇතිවූයේ වෛරයකි ගුහාව තුලින් තරමක ගල්ගෙඩියක් ඇහිඳගත් ඔහු ගුහාවෙන් ඉවතට ආවේය තමා සිටින්නේ විසල් කඳුගැටයක මධ්‍යයෙහි බව ඔහු දුටුවේ එවෙලෙහිය. ගුහා කටින් මදදුරක් ඔබ්බෙහි වු හෙල්ගැට්ට මත වාඩිවී සිටි ආගන්තුකයා ඔහු නෙත ගැටුනි පසුපස නොබලා නොසෙලවීම ආගන්තුකයා කතා කරන්නට විය
ම්ත්‍රයා ඇහැරිලා වගෙයි , කොහේ හරි යනවද ?
හෙතෙම ඇසීය අසාමාන්‍ය බස්වහරක් හා කතා විලාසයක් ඔහු සතු විය
ඔවු මම දකෂින රාජ්‍යයේ වැදගත් රාජකාරියකට මධ්‍යම අධිරාජ්‍යට යන කෙනෙක්.
අභය පිලිතුරු දුන්නේ මිනිසා එතරම් සැක දනවන්නෙකු නොවන බැවිනි.
ඔහේ මේ පාන්දර වලස් ගුහාවක් ලඟ මොනවද කරන්නෙ ? අභය නැවත සැක හැර දැනගැනීමට ඇසීය
ඊයේ රෑ ලැගුම්ගන්න තැනක් හොයද්දි මට මෙතන මුනගැහුනෙ.
ඔහු පසුපස නොබලාම පිලිතුරැදුනි
ආ එතකොට ඔහේද මාව මෙතනට ගෙනාවෙ?
ඒ වන විටද අභයගේ අත මත ගුහාව තුලින් ඇහිඳගත් ගල්ගෙඩිය විය.
ඔවු මේක වලස් ගුහාවක් බව දන්නවනම් කොහෙත්ම  මේ පැත්තට වත් එන්නෙ නෑ. හෙතෙම මදනක් කලකිරුනු සභාවයෙන් පැවසීය
කොහෙද එතකොට වලහ ඔහේ ඌව මැරුවද ?
අභය නැවතත් ඇසිය
මිත්‍රයා අන්න එතැන තමයි ගැටළුව !
ආගන්තුකයා එය පවසනවාත් සමගම වනාන්තරය තුල සැඟව සිටි වලසා අභය වෙත ගොරවමින් කඩාපිනීය. අභය භීතියෙන් කෑගසමින් සියතෙහි වු ගල්ගෙඩිය වලසා වෙත දමාගැසීය වාසනාවකට මෙන් ගල්ගෙඩිය දැවැන්ත වලසාගේ මුව තුල සිරවිය ඌ එය ගලවාගැනීමට තැත්කරන අතරතුර ආගන්තුකයා සිටි තැනින් නැගිට අභය අසලට පැමිනියේය.
මූ මාව දකියි කියල තමයි මම අතනට වෙලා ඉඳගෙන උන්නෙ. නියම නුවණ මිත්‍රයා ! ඔහු පැවසීය.

වලසා සිය මුව නිදහස් කරගැනීමට සෑහෙන තරම් වෙලාවක් දැඟලීය   


ඊලඟට ?...... එසේ අසමින් අභය ආගන්තුකයා වෙත හැරුනේ ප්‍රශ්ණ සහගත බැල්මක් සහිතවය මදක් කල්පනා කල ආගන්තුකයා “දැන් ඉතින් දුවමු” යැයි පවසා පසු නොබලා පල්ලම් සහිත වනලැහැබ ඔස්සේ ලිස්සාවැටෙමින් දිවයන්නට විය.
            එකෙනෙහිම වාගේ වලසාද සිය මුව නිදහස් කරගත් අතර තමන්ට කලහැක්කක් නොමැති බව දැනගත් අභය ආගන්තුකයා පසුපස දිවයන්නට විය. තව දුරටත් ප්‍රකෝප වී සිටි වලසා ද මොවුන් දෙදෙනා පසුපස ලුහුබඳින්නට විය මද දුරක් දිව යද්දී අභය ආගන්තුකයා ට වඩාත් ආසන්න විය.
ඇයි ඔහේ මගේ පස්සෙන් එන්නේ ? .......දුවන අතරතුරම ආගන්තුකයා කෑගසමින් ඇසීය
මට අයිති දෙයක් ඔහේ ගාව තියනවා! ....... අභය පිලිතුරු දුනි ඒ ඇසූ ආගන්තුකයා බියවුනු බවක් දක්නට ලැබුනි “මොකක්ද වෙන්න බෑ ............” හෙතෙම තැතිගත් සභාවයෙන් ම පිලිතුරු දුන්නේය ඒ අතරතුරම ඇඳසිටි සම් කබායද අතපත ගා බැලීය  
“මගේ කඩුව .............” අභය නැවත කෑගැසීය.
“අහ්” ...අඳුරුව තිබූ ආගන්තුකයාගේ මුහුනට මද ආලොකයක් පැමිණියේ එවිටය . ඔහු සිය ඉනෙහි වූ අසිපතක් අතට ගත්තේය සැබැවින්ම ඔහුගේ ඉනෙහි අසිපත් තුනක් විය දෙකක් මලබැඳුනු පරණ ඒවා වූ අතර එකක් හොඳින් ඔප දැමූ අලුත් එකක් විය.
ආගන්තුකයා දුවන අතරතුරම ඉතිරි අසිපත් දෙකද අතට ගෙන පිරික්සන්නට විය. දිදුලන නැවුම් අසිපත දුටු සැනින් අභය එය තමාගේ බව ඇඳිනගත්තේය නමුත් ඔහු යමක් කීමට ප්‍රථම ආගන්තුකයා එය ඉනෙහි රුවාගෙන ඔහු සතුවූ පැරණි අසිපතක් අභය වෙත විසිකලේය.
“ඒත් මේ මගේ කඩුව නෙවෙයි .....” අභය ආගන්තුකයාට කෑගැසීය.
“එහෙම තමයි මිත්‍රයා ජීවිතය අපට හැමදාම එකවගේ සලකන්නේ නැහැ !........ලද දෙයින් සතුටු වෙන්න” ආගන්තුකයා එසේ පවසා සිය වේගය තවත් වැඩි කලේය ඔවුනට එලෙස වැඩි දුරක් දිවයෑමට නොලැබෙන බව ඔවුන් දැන සිටියේ නැත ඔවුන් ගමන්කල මංපෙත අවසන් වූයේ දිරා ගිය වැල් පාලමකිනි ‍එය ඉතා ගැඹුරු හෙලකි පහලින් ගල්වැටි සහිත වෙගවත් ගංගාවක් ගලා යමින් තිබුනි. වැල් පාලමේ ඉතිරිව තිබුනේ එගොඩ හා මෙගොඩ යාකරන දිරාපත් කනු දෙකක් හා අතීතයේ පාලම තිබුනා යැයි කියාපාන අත් වාරුවට යොදාගත් ලනුවක් හා පාතැබීමට තිබූ ලෑලි ගැටගසා තිබු ලනුවක් පමණි.  
ඉදිරියෙන් දිවගිය ආගන්තුකයා  මුලින් නැවතුන අතර පසුපස බලමින් දිව ආ අභය ආගන්ගන්තුකයාගේ ඇ‍ඟෙ හැපුනි දෙදෙනාම යන්තමින් සිය දිවි බේරාගත්තෙ පාලම් කනුව අල්ලාගෙනය. ඇතින් දිව එන වලසාගේ ගෙරවුම් නාදය කඩින්කඩ තව තවත් වැඩිවෙමින් ඇසෙන්නට විය.
“මිත්‍රයා මීට කලින් අතුරේ ගිහින් තියනවද ?” ආගන්තුකයා අභයගෙන් ඇසීය
“නැහැ” අභය පිලිතුරු දුනි

“එහෙනම් මාව අනුගමනය කරන්න” එසේ පවසමින් ආගන්තුකයා පාලමේ ඉහල ලනුව අල්ලා ගෙන ඒ සමගම පහල ලනුවට දෙපා තද කරගනිමින් කෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. අභයද ඔහු අනුවම යමින් පාලමේ ඉදිරියට ඇදෙන්නට වුනි දෙදෙනා පාලමේ අඩක් පසුකිරීමටද ප්‍රථම වලසා එතැනට පැමිණියේය ඌටද මෙම ක්‍රියාව පුදුම දනවන්නක් විය දෙපයින් නැගිට උඩු සුලඟ ඉවකල උ එතැනම හිඳගෙන දෙදෙනා පාලම තරනය කරන අයුරැ බලා හුන්නෙය.  

No comments:

Post a Comment