Tuesday, August 20, 2013

තවත් එක් රාත්‍රියක් (4) සිවුවන කොටස

තවත් එක් රාත්‍රියක් (සිවුවන කොටස)
හිරු අවරට යමින් පැවතුනි ඒ වනවි ඔවුන් කුඩා ගං තෙරක් වෙත පැමිණ තිබුනි. උදෑසන සිට ඇවිදීම නිසා ඇතිවූ විඩාව නිවාගැනීමට හොඳම තැන මේ බව ඔවුන් දෙදෙනාටම වැටහී තිබුනි. සරදියෙල් අවට වූ ශාක කිහිපයක ‍පත්‍ර හෙන ගං දියෙන් සෝදා සිය සීරුරේ සීරුම් ඇති තැන් වල උලන්නට වූ අතර අභය ගලා යන ගං දිය වෙත නෙත් යොමා හුනි.
ඕනෑද ?
අභයගේ සිතෙහි වූ එකඟ බව බිඳිමින් සරදියෙල් ප්‍රශ්නකලේය අභය තිගැස්සී ඔහු දෙස බැලීය ඔහු අත වූයේ අඹරාගත් බෙහෙත් ගුලියකි. “නෑ මම හොඳින්”
අභය පිලිතුරු දුනි “මේක බොහොම බලවත් බෙහෙතක් මිත්‍රයා දැන් එපා කියල ඔබට පසුවට පසුතැවෙන්න වෙයි”
මෙම පුද්ගලයාට එකඳු මොහොතක් හෝ නො‍දොඩා සිතිය නොහැකිදැයි සිතමින් මද සිහවක් පෑ අභය නැවත ගං දිය වෙත නෙත් යොමන්නට විය.
“මම අඳුනන හොඳ මිත්‍රයෙක් මේ ගඟ ඉහත්තාවේ පදින්චි වෙලා උන්නා දැන් සුලු කාලෙකට ඉස්සර  එහි ගියොත් අද රාත්‍රිය පහන්කරතහැකි බයක් හැකක් නැතිව....තව එහේ හොඳ දඩ මස් එහෙමත් තියෙයි” සරදියෙල් අභය දෙස හොරැහින් බලමින් පැවසීය.
ඒ වනවිට කුසගින්න අභය ගේ කුසින් හිස තෙක් ගමන් කර තිබුනි දෙදිනක් පමණ නිරහාරව සිටි තම කුස කෑගසන හඬ ඔහු දෙසවනට ඇසෙනවා වැනිය.
“මොකද කියන්නෙ මිත්‍රයා”
සරදියෙල් නැවත ඇසීය
“හොඳයි ඔහේ ඔතරම්ම ඇවටිලි කරනවනං නොගිහන් කොහොමද” තමාට පෙර තමාගේ කුසගින්න කථා කලාක් මෙන් ඔහුට හැඟුනි.නිමේශයකින් සිය ගමන් මග වෙනස්කල ඔවුන් දෙපල ගඟ ඉහත්තාවට ඇදෙන්නට විනි.ක්‍රමක්‍රමයෙන් ගං ඉවුරු දෙපස තුරු ගහනය වැඩි වන්නට විය තව තවත් අභ්‍යන්තරයට වන්නට ගංගාව දෙපස වගුරක සභාවයක් ගත්තේය තදව වැඩුනු විශ‍ාල මුල සහ අඩි ගනනාවක් උස තුරු මුදුන් එකිනෙක යාවී භයංකාර බව තවත් වැඩිවන්නට විය එය සැබැවින්ම අසාමාන්‍ය පිහිටීමක් බව අභයට වැටහින.
අභය කුතුහලයෙන් පසුවන බව සරදියෙල් හට ද වැටහුනි

“මිත්‍රයා බිය වෙන්න එපා ඉදිරියෙදී අපට මීට වඩ දේ දකින්නට ලැබේවි” හේ එලෙස පැවසුවේ අභය අස්වසන්නට මෙනි .මොහොතකින් ඔවුහු පැහැදිලි වනාන්තරයත් වගුරත් එක්වන සීමාවකට පැමින සිටියෝය එහි ඈත කෙලවරක විශාල ගසක කඳකට සවිකර නිමවා තිබූ කුඩා ලෑලි පැල්කොටයක් විය.බැලූ බැල්මටම එය දින ගනනකින් මිනිස් ආවාසයක් නොවුනු එකක් බව අභයට පැහැදිලි විය එහෙයින් ඔහු මදක් නැවතී ඒ දෙස බලා සිටින්නට වුනි. සරදියෙල් සෙමින් හොර අඩි තබමින් ඒ වෙත ගමන් කරන අතරතුර අභයටද තමා වෙත එන ලෙස අතින් සඥ්ඥා කලේය දෙදෙනාම ඒ සෙමෙන් ඒ වෙත ලඟාවුවද ඇතුලත හෝ පිටත කිසිඳු හැලහොල්මනක් දක්නට නොවින               


සරදියෙල් සෙමෙන් පියවර තබමින් පැල්පත ඉදිරියේ වූ පියගැට පෙල නගින්නට විය .එම කුඩා පැල්පත තුල වැඩුනු මිනිසෙකු‍ට සරිලන තරම් උසක් නොවූ හෙයින් සරදියෙල් ඒ තුලට ඇතුලු වූයේ හිස නමා ගෙනය දින ගනනකින් මිනිස් වාසයක් නොවූ බව කියාපාන පිලුනු ගඳක් ඒ තුල විය අභයද සරදියෙල් පසුපසම ඒතුලට ඇතුලුවිය දෙදෙනාට යන්තමින් ඒමේ අත යාහැකි තරම් ඉඩක් ඒ තුල විය එයින්ද වැඩිය විශාල දඬු මේසයක් හැලි වලං කිහිපයක් හා ලිප් ගල් තුනකින් සීමාවී තිබුනි

ඒ මේ අත අතගාමින් ගිය සරදියෙල් හට වියලූ දඩ මස් ඔතා තිබූ මඩිස්සලයක් ලැබුනි
“මිත්‍රයා අද රාත්‍රිය ගතකරන්න මේක ප්‍රමාණවත්”
ඔහු දඩ මස් කැබැල්ලක් අභය අතට විසිකරමින් පැවසීය
අමුවෙන් ? අභය එය ඇසුවේ අප්‍රසන්න සභාවයක් පාමිනි
“ලුනු පදමට දාලයි තියෙන්නෙ! අමුවෙන් හරි දෙයක් ලැබුන එක ලොකු දෙයක් හාමතේ මැරෙනවට වඩා” සරදියෙල් එලෙස පැවසුවේ දඩමස් කැබැල්ලකින් මුව පුරවාගන්නා ගමන්මය ඔහු ඔහු තවදුරටත් ඒ මේ අත බලමින් යමක් සොයන්නට විය මීලඟට ඔහු අත ගැටුනේ පැදුරු හා සම් කඩමාලු කිහිපයකි
“ඔබ පුදුම වාසනාවන්තයෙක් නෙවැ වදයක් නැතිව රෑ පහන්කරතෑකි” ඔහු එම පැදුරු කඩමාලු ද අභය අතට දෙමින් පැවසීය මීලඟට ඔහු සොයාගත්තේ තරමක මැටි පහනකි
“තවම තෙල් බිඳක් තියෙනවා” ඔහු නැවත සිනාමුසු මුහුනින් පැවසීය. සිය කබාය තුලින් ගිනි ගලක් ගත් හෙතෙම පහන දැල්වීය
පහන් ආලෝකයෙන් පැල්පත මනාව ආලෝකමත් විය එහි බිත්ති ආවරනය කර තිබුනේ සත්ව සම් වලිනි “කොහේද ඔබගේ මිත්‍රයා” අභය බොහෝ වෙලාවකට පසු සිය හඬ අවධි කලේය
“ඔහු මේවනවිට මෙහි සිටියයුතුයි මට පෙනෙන හැටියට ඔහුට අනතුරක් වී ඇති හැඩයි”
සරදියෙල්ගේ මුහුනෙහි වූයේ කනස්සලු ස්වාභාවයකි
“අද රාත්‍රිය පහන්කර හෙට ඒපිලිබඳ යමක් කිරීමයි සුදුසු”

ඔහු නැවත පැවසුවේ බලාපොරොත්තු සුන්වූ සභාවයෙනි. වැඩි වෙලා යන්නට මත්තෙන් ඔවුන් දෙදෙනාම නින්දට වැටුනෝය.

No comments:

Post a Comment