එක මග
යන්නෝ
එගොඩ වෙන
අතරතුර ආගන්තුකයා වලසා දෙස බලමින් යමක් කෝපයෙන් මුමුනන බවක් දක්නට ලැබුනි. අභය හට
එය පැහැදිලිව නොඇසුනි.
ඔබ යමක්
කිවුවද ? අභය ආගන්තුකයා ගෙන් ඇසීය
අහ් ඔවු
පෙනේද දැන් යස අපූරුවට බලා ඉන්න හැටි මෝඩ මුසල වන මෘර්ගයා, ඉඳපං මං එගොඩ වෙනකන්
ඔහු එක අතක් හා පාදයක්ද දිගුකොට කෑගසන්නට විය එයින් ඔහුගේත් අභය ගේත් සමබරතාවය
ගිලිහි ගියෙන් ඔවුන් දෙදෙනා ඔරලෝසු බට්ටන් මෙන් ඉදිරියට හා පසුපසට පැද්දෙමින් සමබර
වීමට වෙර දැරූහ ඔවුන් දෙදෙනා ගේ විකාර දුටු වලසාද හිනා හඬකින් මෙන් උඩුබුරලන්නට
විය මෙය ඇසුනු ආගන්තුකයා තවත් ප්‍රකෝප විය “උඹ දැන් අපට හිනා වෙනවද ?” හේ නැවත
කෑගසන්නට විනි මේ දැඟලිලි මධ්‍යයේ පාලමේ අනෙක් ඉමට ආසන්නයෙන් දිරාපත් ලනුව
කැඩීයාමට ආසන්න බව අභය දිටීය.
“අර
බලන්න”
ඔහු තවමත්
වලසාට බනිමින් සිටි ආගන්තුකයාට ඒ බව පෙන්වීය.
“විනාසයි!
ඉක්මන් කරපන් මිත්‍රයා නැතිනම් උඹටත් මටත් එලොවදී මුනගැහෙත හැකි” එලෙස පවසමින් ආගන්තුකයා
වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. එතැන් පටන් දෙදෙනාගේ ගමන ඉක්මන් වුනි. ආගන්තුකයා ප්‍රථමයෙන්
එගොඩට පය තැබීය. ඔහු එගොඩට පය තබනවාත් සමගම අවාසනාවන්ත ලෙස පාලනුවේ එක් වරපටක්
බිඳී ගියේය එයින් ඇතිවු ගැස්ම නිසා අභය නැවතත් ඒමේ අත වැනෙන්නට විය. ආගන්තුකයා මෙය
ගනනකටවත් නොගත්තේය හේ මුලින්ම කලේ ගල් කැබලි කිහිපයක් අහුලා ගැනීමයි
“උඹ
හිතුවෙ මාව මරන්නද මොඩයා ආ ඉඳා උඹට දැන් පුලුවන් නං වරෙන් අල්ලා ගනින් මගේ වලිගෙ”
ඔහු උඩ
පනිමින් ඒවායෙන් එගොඩ හුන් වලසාට පහර දෙන්නට විය. මේ අතරතුර පාලමේ ලනුව තව දුරටත්
බුරුල් වෙමින් පැවතුනි
“මිත්‍රයා
ඔබ මට උදව්වක් කරනවානම් මේ ඊට හොඳම වෙලාව වේවි”
අභය
කෑගෑවේය, ආගන්තුකයා අභය දෙස බැලූ අතර කොපාවිශ්ඨ වලසා ගොරවමින් දෙපයින් සිටගත්තේය ගතවූයේ නිමේශයකි ආගන්තුකයා
ලතෝනි දෙන්නට වූ අතර අභයට කීමට හැකි වූයේ “අපොයි” කියා පමණි වලසා සිය ශක්තිමත් තියුනු කිනිසි වන් නිය සහිත භාහුවෙන් එතෙර
වු පාලම් කනුවට පවනට බඳු වෙගයෙන් පහරක් ගැසීය ඒවන විටද දිරා අර්ධයක් බොල්වී තිබූ
කනුව දුහුවිලි වලාවක් නංවමින් සීසීකඩ කුඩුවී ගියේය. වාරුව ගැලවීගියෙන් ඇදවැටෙන
ලනුවද සමග අභයද හෙල තුලට ඇදවැටුනි. අභය සෑහෙන තරම් පහලට ඇදවැටෙන තෙක් බලාසිටි වලසා
ආගන්තුකයා දෙස හැරී නැවතත් වරක් සිනහ හඬින් ඔච්චමට මෙන් උඩුබුරා වනාන්තරය තුලට
අතුරුදහන්ව ගියේය.
පහලට
වැටුනු අභය අල්ලාගෙන සිටි ලනුව ඔස්සේ පහලට රූරා යන්නට විය ඔහුගේ දෑත ලනුව හා
ඇතිල්ලීම නිසා ගිනියම්ව පිලිස්සුනි නමුත් ඔහු සිය ග්‍රහනය බුරුල් නොකිරීමට ග්‍රහනය
තීවෘ වත්ම ලිස්සීම බාල විය යන්තමින් ලනුව අවසන් වන අන්තයේම තිබූ රුක් මුලක හේ
එල්ලීගත්තේ ජීවිතය ගැන යන්තම් බලාපොරොත්තුවක් ඇතිවය.මීලඟට ඔහු කෙමෙන් කෙමෙන් ලනුව
දිගේ ඉහලට ඇදෙන්නට විය. සෑහෙන තරම් වෙලාවකින් පසුව මුදුනට ලඟාවීමට ඔහුට හැකිවිය
මුදුනට ලඟාවී යන්තමින් තනනිල්ලට සුරත තබාගත්තද එතැනින් ඔබ්බට එකඳු ඇඟිල්ලක්වත්
සෙලවීමට ඔහුගේ සිරුරට ශක්තියක් නොවීය. ඒ වන විටද ආගන්තුකයා කඳු ගැට්ට මත යමක්
කරමින් උන්නේය සැබැවින්ම ඔහු අභය වෙනුවෙන් සොහොන් කොතක් තනමින් හුන්නේය.
ඒ වන විට
අභයට කතා කරගැනීමට වත් හැකියාවක් නොවූ
තරම්ය ඔහු හති අරිමින් “මිත්‍රයා දැන්ම ඕක අවශ්‍ය වෙන එකක් නැහැ” යැයි
පැවසීය ආගන්තුකයා පසුපස හැරුනි හේ බූතයෙකු දුටුවාක් මෙන් සුදුමැලි වී ගියේය බියටම
දෝ ඔහුට කෙලගිලුනි.
“බය වෙන්න
දෙයක් නෑ මම තාම ජීවතුන් අතර......... තවත් මොනවද බලාගෙන ඉන්නෙ....” අභය ඉතා
අමාරැවෙන වචන පෙල ගැටගසාගත්තෙය ,
“මිත්‍රයා
ඔබ නම් සැබෑ වාසනාවන්තයෙක්” ආගන්තුකයා ඔහු අසලට පැමිනෙන අතරතුර පැවසීය. ආගන්තුකයා
ගේ අත් උදව්වෙන් කඳුගැටිය මතට නැගගත් අභය මද වේලාවක් ගිමන් හරින්නට වුනි.
ආගන්තුකයා
ඔහු සතුව තිබූ ලබුකැටය අභය වෙත දුනි ඉන් පසුව ඔහුම කතාවට මුලපිරීය
“මිත්‍රයා
ඔබ කොහි යනවා කියලද කිවුවෙ”
“මම යන්නෙ
මධ්‍යම අධිරාජ්‍යට”
“බොහොම
හොඳයි මමත් ඒ දිශාවටමයි යන්නෙ..... ඔබේ ඇඳුම් ආයිත්තම් වලින් නම් පෙනෙන්නෙ නෑ ඔබ
සාමාන්‍ය පුද්ගලයෙකු බව ඔබ සෙන්පතියෙක්ද එසේනම් ඇයි මේ තනියම කොහෙද ඔබේ බලකාය”
“මමත්
තවත් පහලොස් දෙනෙකුත් මේ ගමනට නික්මුනා යන අතරමගදී අපව මං පහරන්නන් පිරිසකට මැදි
වුනා අනෙක් සත් දෙනෙකු තුවාල ලැබූ නිසා සියලු දෙනාම නැවතත් දකෂින දේශය බලා ගියා
රාජකාරිය මගහැරිය නොහැකි නිසා මා පමනක් තනිවම හෝ මෙය කලයුතුයි මඨ්‍ධ්‍යම අධිරාජ්‍යට
යෑමේ ඔබේ අරමුන කුමක්ද ?”
“අහා
වැඩියමක් නොවෙයි මම වාසනාව සොයා යන්නෙක් සමහර විට වෙලඳාමක් නැතිනම් රැකියාවක්”
“ඔබව
මුනගැසීම සතුටක් මිත්‍රයා මම අභය”
“මම සරදියෙල්”
බිම
හිඳගැනීම නිසා සිය සිරුරෙහි ගෑවී තිබූ දුහුවිලි පිස දමමින් නැගිට ගත් ඔහු අභයටද
නැගිටීමට අත දෙමින් පැවසීය
එකෙනෙහිම එය හොඳින් අසා පුරුදු නමක් බව අභය හට මෙනෙහිවිය.
එකෙනෙහිම එය හොඳින් අසා පුරුදු නමක් බව අභය හට මෙනෙහිවිය.
“දැන්ම
පිටත් වුනොත් හොඳ වෙයි මද්දහනටත් කිට්ටු කරගෙනයි එන්නෙ”
සරදියෙල්
අභය ගේ සිතුවිලි වලට භාදා කරමින් පැවසීය අභය සතුව ඒ වනවිට තිබුනේ මාලිමාවක් පමණි
වාසනාවකට මෙන් ඔහු මෙපමන දුර පරෙස්සම් කරගෙන ආ ලිපිය කිසිඳු හානියකින් තොරව ඔහු
සතුව පැවතුනි. ඔහු මාලිමාව සියතට ගෙන පිරික්සන්නට විය තමා පහලට වැටුනු මොහොතේ එය
කැඩී ඇති සෙයකි එය එක් දිශාවකට යොමුවනව වෙනුවට විටින් විට කහිප පලකට හැරෙයි. අභය
එයට කිහිප විටක් තට්ටු කර බැලුවද තත්වයේ වෙනසක් නොවුනි. අභය මාලිමාවෙන් මග සොයන
අයුරු ඔහු පිටුපසින් එබිකම් කරමින් නිරක්සූ සරදියෙල්
“මිත්‍රයා
ඔබ මධ්‍යම දේශයේ කඳු පන්ති,වනාන්තර ඔය ලෙසට තරනය කරන්නට යනවා නම් ඔබට හිමි වන්නේ
නියත මරණයක්” යැයි පැවසීය
“ඒ ඇයි ?”
අභය පෙරලා ප්‍රශ්න කලේය ඊට පිලිතුරැ ලෙස සරදියෙල් වදන් පෙලක් මුමුනාගෙන ගියේය.
“මිත්‍රයා
මාලිමාවක් කවදාවත් මේ කඳු වලදී හරි පාර කියන්නේ නෑ උන් මේ මායාකාරී කඳුත් එක්ක
මිත්‍රයි. මේ පිහිටි පොලොව විශමයි ඔබේ හොඳම මිතූරාත් ඔබට ද්‍රෝහී වේවි, යන්ත්‍ර
සූත්‍ර පමණක් නොව ඔබේම අසිපත පවා ඔබට අවනත නොවේවි මායාකාරී ගහකොල වන සීපාවුන් පවා ඔබ
හා දොඩමලු වෙන්නට ගනීවි ඔබව වසඟයට ගන්නට යක්ශනියන් සුර දූතිකාවන් ලෙස පැමිනේවි”
මෙය පවසන විට ඔහුගේ මුහුනේ බිය හා සංත්‍රාසය පිරී තිබුනි
“ඔබ මීට
පෙර මේ වනාන්තර වල කරක්ගහල තියනවද ?” ඔහු සැනින් සිය ඉරිඅවුව වෙනස්නර කපටි
සිනහවක්ද සමග ඇසීය
“නැහැ”
අභය මුකුත් නොදන්නා වග පෙන්වීමට මුහුනද ඇද කර පිලිතුරැ දුනි
“එහෙනං
බොහොම හොඳයි මම කලින් කියූ කිසිවක් නොකීවා
යැයි සිතාගන්න”
“ඔබ බොහොම
හොඳ කථාකාරයෙන් නෙවැ” අභය මද සිනහවක් සහිතව පැවසීය.
එයට
සරදියෙල් ගේ පිලිතුර වූයේ මද සිනහවක් පමණි එය අවක්ඥා සහගතව ඇතිවූවක්ද නැතිනම්
සැබවින්ම පහලවූ සිනහවක්ද යන්න අභයට තේරුම්ගියේ නැත. කෙසේ නමුත් තමා වෙනුවෙන් සෑදූ
සොහොනේ සොහොන් කොත ලෙස යොදා තිබූ තමන්ගේ අසිපත ඔහු එතැනින් ගලවාගත්තේය. ඔවුන් දෙදෙනා
කඳු පල්ලම දිගේ හෙමෙන් පහලට බසින්නට වුනි මද දුරක් බැස්ස පසු. පෙරමුන ගෙන සිටි
සරදියෙල් අභයට නවතින ලෙස අතින් දැක්වීය ඔහු ඉන්පසුව සිය දබරඇඟිල්ල දිගුකොට ඈත
පිහිටි කඳුගැට පෙලක් අභය වෙත දැක්වීය
“පේනවද
මිත්‍රයා අර නිදාසිටින යොධයෙකු බඳු කඳු පන්තිය”
අභය
මින්පෙර ඒ ගැන අසා තිබුනි නමුත් සැබැවින්ම දැක තිබුනේ නැත සරදියෙල් පෙන්වූ පසු
ඔහුට එය වඩාත් කැපී පෙනුනි එය සැබැවින්ම නිදා සිටින යොධයෙකු බඳු විය කෙතරම් කල් ඌ
නිදාගත්තේද යත් උගේ සිරුර මත තුරු ලතා වැවුනි සිරැර මත දුහුවිලි තැන්පත්ව කන්දක්
මෙන් විය නහස්පුඩු හා ඇඟිලි තුඩු අගින් ගංගා ගලාබසින්නට විය අභය කුඩාකල ඇසු ළමා
කතා වල ඔහු වඩාත්ම ප්‍රිය කල කතාන්දරය එය විය “යොධයාගේ නිම්නය” අභයට එකවිටම
මිමිනින.
“ඔබ මම
හිතුවාට වඩා යමක් දන්නා හැඩයි” අභය මුමුනනු ඇසුනු සරදියෙල් පිලිතුරු දුනි.
“මිත්‍රයා
ඔය යොධයාගේ හිස මතින් තමයි මධ්‍යම අධිරාඡ්‍යට මග වැටී ඇත්තේ මංසන්ධි ගම්මාන දෙක
තුනකුත් කුඩා නගර දෙකකුත් අප යන මග ඔස්සේ තිබෙනවා බිය වීමට දෙයක් නෑ නමුත් දැන්
පය ඉක්මන් කරමු රාත්‍රියේ ලැගුමට තැනක් සොයාගැනීම අත්‍යාවශ්‍යයි”
එසේ පවසා
ඔහු නැවතත ගමන ඇරඹිය ඔහු පසුපස අභයද සීරැවෙ පියවර තැබීය
No comments:
Post a Comment