Saturday, August 31, 2013

ආගන්තුක සත්කාරය(5) පස්වන කොටස

ආගන්තුක සත්කාරය (පස්වන කොටස)
 කෙමෙන් මැදියම් රැය එලඹෙමින් තිබුනි . අභය සිටියේ මහ ඇමති නිවස්නයේය මහඇමතිතුමන් සමග වැදගත් පිලිසඳරකි එය. සැමදාම මෙන් නිල නිවස තුල රාත්‍රී පහන් ආලෝකය දැල්වී තිබුනි  සෙන්පති මඩුල්ල සිය අදහස් දක්වමින් සිටි අතර සැනින් සියල්ලන්ගේම අවධානය වෙනතක යොමුකරමන් භද්‍රා සාකච්ජා කුටිය අභිමුව වු පියගැට පෙල බැස ආවාය. මොහොතකට සියල්ලන්ගේම ඇස් ඈවෙත යොමුවිය නැවතත් සියල්ලන් සාකච්ජාවට බැසි මුත් අභයගේ දෑස නම් ඈ වෙතින් මදකටවත් නොසෙල්වුනි ඇයද අභය දෙස බලා මද සිනාවක් පෑවේ දෑසින් ඔහුට ආරාධනා කරන්නාක් මෙනි වඩා වැදගත් සම්මන්ගත්‍රනයක් බ පෙනීගිය නිසාවෙන්දෝ ඇය නැවත හැරී ඉහල මාලයෙහි වූ සිය කුටිය වෙත දිව ගියාය. එකෙනෙහිම වාගේ සම්මන්ත්‍රනයද නිමාවිය මහඇමැති තුමන්ද අභය දෙස බලා සිනහවක් පෑවෙ ඔහු සියල්ල දුටු බව කියාපාන්නට මෙනි. මද වෙලාවකින් සම්මන්ත්‍රනයට සහභාගී වුවෝ මහඇමති තුමා පසුපස ප්‍රධාන දොරෙන් ඉවත්ව ගිය අතර අභය පමණක් ශාලාව තුල නැවතුනි.ඔහුගේ හදවත වේගයෙන් ගැසෙන්නට විය. භද්‍රා තමා වෙත කල ඉඟියේ සිහියෙන්ම ඔහු සුලඟක්මෙන් පියගැට පෙලේ ඉහලට නැගුනි භද්‍රාගේ කුටිය අගුලුලා නොතිබුනි ඔහු දොර විවරකර කුටිය තුලට ඇතුලුවුනි.
භද්‍රා ඇගේ සයනය මත හිඳගෙන උන්නාය ඇය ලැජ්ජාවෙන් අභයගෙන් ඉවත බලාගෙනම කථාකලාය
“මම ඔබව බලාපොරොත්තු වුනා”
ඇය පැවසීය
“නමුත් අපගේ මෙවන් හමුවීම් සුදුසුද මෙනවිය”
අභය ඇගෙන් ප්‍රශ්න කලේය ඇය ඉන් අමනාප වූ බවක් දක්නට ලැබින
“ඔබ සැමවිටම හදන්නෙ මගෙන් පලායෑමටයි,ඔබ මධ‍්‍යම අධිරාජ්‍යට ගොස් එනතුරු මා කොතරම් වේදනාවකින් පෙලේවිදැයි ඔබ මොහොතකටවත් සිතුවාද ?”
“ඒත් මේ සියල්ල මම කරන්නෙ අප සියලුදෙනාගේම යහපත වෙනුවෙනුයි ඇයි ඔබට එය නොවැටහෙන්නේ”
අභය අසරණව ප්‍රශ්ණ කලේය
“ඔ‍‍බෙයි තාත්තගෙයි යහපත, මට තේරෙන්නෙ නෑ මට පෙනෙන්නේ ඔබ මට ආදරේ නැති බව පමණයි”
ඇය බොලඳ අයුරෙන් පැවසුවාය
“හරි එහෙනම් මගේ ආදරේ පෙන්නන්න මම කුමක්ද කලයුතු?”
අභය නැවත ඇසීය
“ මා ලඟින් හිඳගන්න” ඇය පිලිතුරුදුනි
එය ඇසූ සැනින් අභය මොහොතකට ගල්ගැසී ගි‍ෙය්ය. ඔහු ඇගේ සයනයේ ඈ අසලින් හිඳගත්තේය
“ඇයි මෙතරම් දුරක්” ඇය ඉවත බලාගෙනම සිතෙහි වූ ප්‍රීතියට පැනනැගුනු සිනහව මැඩපවත්වාගනිමින් ඇසීය
ඒඅනුවම අභය ඇයට තවත් ලංවිය දෙදෙනා කිටිකිටියේ තදවන තරමටම ලංවිය. එකිනෙකාගේ වෙගවත් හදගැස්ම දැනෙන තරමටම ලංවිය පෙර කිසි දිනක ඔවුන් මෙලෙසෙ හිඳ නැත අභය කිසිදිනක සිය මහත්මා ගතිගුන ඉවත ලා ආදරවන්තයෙකු ලෙස ඇයවෙත ලංවීනොතිබුන බැවින් මෙම අත්දැකීම ඔවුන් දෙදෙනාටම පුදුම දනවන්නක් විය අභය ඇගේ එක් අතක් සියතට ගත්තේය ඇය ලැජ්ජාවෙන් අභය දෙස බැලීය
“මගේ ආදරය පෙන්වීමට මේ හැර කලහැකි තවත් යමක් වෙයිද ?”
අභය එසේ අසනවාත් සමගම ඇගේ මුහුන අඳුරැ වන්නට විය අභය ඔබට සිදුවන්නේ කුමක්ද ? ඇයභිරාන්තව ඇසීය අභය කතා කිරීමට උත්සහ කලද වචන වෙනුවට පිවූයේ ගෙරවිලි හඬකි භද්‍රා ගේ කෑගැසීම් හඬ මධ්‍යයේ ඔහු කාමරයේ කොනක වූ කැඩපත වෙත දිවීය ඔහු තිගැස්සීගියේ සිය මුහුන වෙනුවට එහි වූයේ වෘර්ක මුහුනකි. නැවතත් ඔහු භද්‍රා දෙස බැලීය නමුත් ඇඳ මත වූයේ විශාල වලසෙකි ඌ ගොරවමින් අභය වෙත කඩාපැන්නේය. අභය අවදිවූයේ කිසිවක් සිතාගතනොහැකිවය.
මැදියම් රෑ ඈත වනාන්තරයේ රැහැයි හඬ පරයමින් නැගී එන මිනිස් පා ගැටුම් හඬක් ඔහු සවන් වැකින. ඒවනවිට ගොරවමින් නිදා සිටි සරදිලේව ඔහු අවධි කලේය
“මොකද ?” සරදියෙ ල් අත්හල දුන්නක් මෙන් සිටගනිමින් ඇසීය
“කෑගහන්න එපා මට අඩි සද්දයක් ඇසුනා” අභය සරදියෙල් හට පැවසීය
“මොන වගේ එකක්ද?”
සරදියෙල් පෙරලා ඇසීය
“මිනිස්සු කිහිපදෙනෙක් වගෙයි”
එය ඇසුනු වහාම සරදියෙල් ඒවන විටද සම්පූර්නයෙන්ම දැල්වී නිවීමට ආසන්නව තිබූ පහන නිවාදැමීය
“ඔබට හොඳටම විස්වාසද ?”
ඔහු අභය වෙත ලංවෙමින් ඇසීය
සඳඑලිය නිසා යන්තමින් එකිනෙකා දැකගැනීමට ඔවුනට හැකිවිය
“ඔවු ” අභය පිලිතුරැ දුනි
හදිස්සියකින් මෙන් අභයගේ සිරැර උඩින් බඩගාගෙන පැනගත් සරදියෙල් කාමරය තුල වූ මේසය මෑත්ක‍ලේය එය යටින් වූයේ ගුහාවකි
“ඉක්මනට ඇතුලට යන්න මිත්‍රයා ” ඔහු පැවසීය
“ඒ කුමටද ?” අභය පුදුමයෙන් ඇසීය
“විස්තර කරන්න වෙලාවක් නෑ” සරදියෙල් කෝපයෙන් පැවසීය. අභය වහාම ගුහාව තුලට රිංගීය ඔහු පසුපසම සරදියෙල් ද ඒතුලට රිංගාගත්තේය. එම ගුහා කට පැල්කොටය අටවා තිබූ ගසෙහි වු බෙනයකට සම්බන්ධවිය ගස් බෙනයෙහි වූ සිදුරැ තුලින් ඉවත වනාන්තරය හා පැල්කොටය ඇතුලත මනාව බලාගතහැකි විය
ගුහාව තුලට රිංගාගත් සරදියෙල් නැවත මේසය ඇද තිබූ පරිදිම ගුහා කට වැසීය
“මොකක්ද මේ වෙන්නෙ ?” අභය සරදියෙල් ගෙන් රහසින් ප්‍රශ්න කලේය
“මිනිස් දඩයක්කාරයො” සරදියෙල් ගස් ක‍ෙඳෙහි වූ සිදුරකින් ඉවත බලමින් පැවසීය පැවසීය
“මොනවා ඒය නීතියෙන් තහනම් වහාම මම මේ අවනීතිය අවසන්කරනවා” අභය සිය අසිපත අතට ගෙන ගුහා කටෙන් ඉවතට යෑමට සැරසුනි ඔහු ඉදිරියට වහා පිනූ සරදියෙල් ඔහුව වැලැක්වීය
“ඔබ සිතා ඉන්නෙ මේ ඔ‍බේ සුන්දර රෝහන පුරය කියලද, මේ තමයි මධ්‍යම වනාන්තරය ඔබ බලාපො‍රොත්තු වන සුන්දර නීතිය මෙහි නෑ මිත්‍රයා ඔබ කරන්නට යන දේ නිසා ඔබේත් මගේත් ජීවිත අනතුරේ”
සරදියෙල් කියවාගෙන ගියෙය
නමුත් අභය නවතින පාටක් නොපෙනුනි මේඅතර පැල්කොටයට ඈතින් මිනිස් කටහඬක් ඇසුනු බැවින් ඔවුන් මදකට නිෂ්ශබ්ද වූහ
“මට හොඳටම විස්වාසයි මෙතැනින් එලියක් දුටුවා”
යමෙකු පැවසීය
“තමුසෙ ගිහින් බලනවා ඇතුලට” තව අයෙකු කෑගැසීය අභය වහා ගස්බෙනයෙහිවූ ඉවත බැලිය හැති සිදුරකින් කටහඬ ආ දෙස බැලීය, මේ අතර සරදියෙල් පැල්කොටය ගැන විපරම් කරන්නට විය ඉවත දසදෙනෙකු පමන සිටි අතර හැඩි දැඩි සිවුදෙනෙකු විශාල කූඩුවක් ඔසවාගෙන සිටියහ ඒතුල යම් පිරිසක් සිටි බව දක්නට ලැබුනි තවත් දෙදෙනෙකු දන්ඩකට ගැටගැසූ විශාල සතෙකු ඔසවාගෙන සිටියහ
මේ අතර යම් අයෙකු පැල්කොටය වෙත එන බව දුටු අභය සරදියෙල් සිටි තැනට ගියේය සඳඑලියෙන් පැල තුලට ආ කෙනාගේ ඡායාව මනාව දැකගත හැකිවිය හේ අඩි නවයකය වඩා උස්වූ යොධයෙකි පොරවක් හෝ මුගුරක් වැනි යමක් ඔහු අත විය
“මම හිතන්නෙ මම සරදියෙල් ගෙ අදහසට එකඟයි” අභය රහසින් පැවසීය
“බොහොම හොඳයි” සරදියෙල් පිලිතුරු දුනි
යොධයා බර අඩි තබමින් පැල්කොටය තුල කිහිපවිටක් ඒ මේ අත හැරුනි ඔහුගේ වැලමිටෙහි වැදුනු පහන පෙරලී බිඳීගියේය
ඒත් සම ගම ඔහු එලියට පැන්නෙ
“මෙහේ මොකවත් නෑ යැයි පවසමිනි”
“උඹ අපට බොරු කියල පැනල යන්නද හැදුවෙ” එලෙස පවසමින් යමෙක් තවකෙකුට කසයකින් තලනු ඇසින
මද වේලාවකින් කසපහර කෑ එකා දිවවිත් පැල්කොටයේ ගස් කඳට හේත්තුවී “අනේ මාව සැනකෙලියට නම් ගෙනිය්න්න එපා !” යැයි පවසමින් කෑගස්න්නට විය වහාම ඒ දෙසට දිවගිය සරදියෙල්
ඇතුල්පැත්තෙන් කඳට හේත්තුවී “මිත්‍රයා මම සරදියෙල් උඹව කොතැනටද ගෙනියන්නෙ” යැයි රහසින් පැවසීය
එවිට අනෙක් පස වූ කෙනා “අනේ මාව වලහට කන්න දාන්න එපා !” යැයි කෑගසන්නට විය
නැවතත් සරදියෙල් “උඹව කොහොමද අසුවුනේ” යැයි ඇසීය “අනේ මම දඩයමේ ගිහිං උන්න අහින්සකයෙක් එතකොටයි මුන් මාව අල්ලාගත්තෙ”
“කීදෙනෙක් ඉන්නවද උඹත් එක්ක මිත්‍රයා” ඔහු නැවත ඇසීය මේ අතරතුර එහාපස උන් කෙනාට පිට පිට කසපහර වදින හඬද පැහැදිලිව ඇසුනි
“හොරු දහයට මේ ගෑනු දහය මදි වුනාද මාවත් ඇදං ආවේ” ඔහු නෑවත කෑගැසීය ඒත් සමගම යමෙකු ඔහුව ඇදගෙන යන හඬ ඇසෙන්නට විය.මද වේලාවකින් සියලුදෙනාම ඈත්ව යන හඬ ඇසෙන්නට විය සරදියෙල් හා අභය සැඟව උන් තැනින් එලියට ආහ.
“දැන් කුමක්ද කරන්නෙ” අභය විමසීය
“මිත්‍රයා ඔබ යුක්තිය ඉටුකරන්නට කැමතිනම් දැන් ඊට හොඳම වෙලාවයි” සරදියෙල් සිය අසිපත කොපුවෙන් ඉවතට අදිමින් පැවසීය
“ අභයද සිය අසිපත ඉවතට ඇදගත්තේය”

ඔවුන් දෙදෙනා සොර මුල ගිය මං සලකුණු ඔස්සේ ඉදිරියට දිවයන්නට වූහ    


පැය ගනනාවක් නොකඩවා රාත්‍රී සඳඑලිය මධ්‍යයේ වනාන්තරය මැදින් දිව ගිය ඔවුන්ගේ ගමන නිමාවූයේ කඳු බෑවුමකිනි බැස යන චන්ද්‍රාලොකයෙන් ආලෝකමත්ව තිබූ කඳු නිම්නයේ වූයේ කුඩා ගම්මානයකි මෙතරම් මැදියම් රැයේ වුවද එම ගම්මානයේ වූ කෑගැසීම් හාඝොෂාකාරී බවින් එහි සැනකෙලියක් වන බව අභයට පැහැදිලි විය
“මිත්‍රයා දන්නවද මේ කොහෙද කියල” සරදියෙල් විමසීය
“නැහැ”අභය විකෂිප්තව පිලිතුරු දුනි
“එසේනම් ඔබව සාදරයෙන් පිලිගන්නවා ‍සොරැන්ගේ සැනකෙලිය වෙත” සරදියෙල් අතක් දිගුකොට යමෙකුව පිලිගන්නා අයුරක් දක්වමින් පැවසීය
“ සොරුන්ගේ සැනකෛලිය ? මොන විහිලුවක්ද ඒ දෙදහස් වසරකටත් පෙර අධිරාඡ්‍ය ත්‍රිත්වයම එක්සේසත්කොට මධ්‍යම අධිරාඡ්‍යයේ පාලනය තහවුරු කරන කාලයේදීයි සැනකෙලිය නැවත නොපිහිටවන ලෙස විනාසකර දැමුවේ”
අභය දොඩවාගෙන ගියේය නමුත් සරදියෙල් ගේ මුහුනෙහි වූයේ අවඥඥා සහගත සිනාවකි
“පුන්චි දකෂිනදේශයේ ප්‍රාකාර අතර ජීවත්වීමෙන් ඔබට ජීවිතයේ වඩා වැදගත් දේවල් රැසක් මගහැරී ඇති හැඩයි මිත්‍රයා  ඔබ විස්වාස කලත් නොකලත් මේ තියෙන්නේ සොරැන්ගේ සැනකෙලියයි”
හේ වඩා තරයේ කියා සිටියේය.
“හොඳයි අපි බලමු” අභය ගම්මානය වෙත යෑමට සැරසුනි
“මදක් නවතින්න මිත්‍රයා” අභයට භාදා කරමින් සරදියෙල් පැවසීය
“ඇයි” අභය පුදුමයට පත්ව විමසීය
“ඔබ ඔය ඇඳුමින් ගියොත් ඔබටත් මටත් වැඩි වෙලාවක් එහි පණපිටින් රැ‍ඳෙන්නට වෙන්නේ නැහැ” සරදියෙල් අභය ඇඳ සිටි නිල ඇඳුමෙහි වූ දකශින අධිරාජ්‍යයේ රාජ්‍ය ලාංඡනය පෙන්වීය වෙනත් විසඳුමක් නොවූ හෙයින් ඔවුන් දෙදෙනාම එක්ව නිල ඇඳුමෙහි වූ රාඡ්‍ය ලාංඡනය ඉරා දැමීය මේ අතරතුර පහල මිටියාවතේ සිට යමෙකු තමන් දෙදෙනා දෙස බලා සිටින බවක් ඔවුන් දැන නොසිටියහ.
නොබෝ වේලාවකින්ම ඔවුන් දෙදෙනා සැනකෙලියේ දොරටුව අභිමුවට පැමිණියහ විවර කර තිබූ සුවිසල් විලක්කු ඇමිනූ දොර පලු දෙක පසුකරත්ම පාරේ පසෙකට වන්නට වූයේ අම්බලමකි. ඒ තුල වූයේ හැඩි දැඩි මිනිසුන් කිහිපදෙනෙකි ඔවුන් සියලුදෙනාගේම පාහේ මුහුනු දැඩි කැපුම් පහරවල් වලින් විකෘර්තිව තිබුනි අමුත්තන් දෙදෙනා ගැන ඔවුනට තැකීමක්වත් නොවීය මේ අතර අම්බලමෙන් එලිපිට බිම එරමිනිය ගොතා හිඳගෙන සිටි වැරහැලි ඇඳගත් මහල්ලෙකි.
අමුත්තන් දෙදෙනා දැක අපහසුවෙන් නැගිටගත් ඔහු ඔවුන් ඉදිරියට පැමින කෑමට යමක් ඉල්ලීමට මෙන් අත පෑවේය. සරදියෙල් එය ගනනකට නොගෙන ඉදිරියට යන අතරතුර අභය නැවතී ඔහුට දීමට යමක් තමා සතුව ඇත්දැයි සිය ඉන අතගා සොයන්නට විය ඔහුට හමුවූයේ සවස අඩක් කෑමට ගත් දඩ මස් කැබැල්ලයි ඔහු එය මහල්ලා අත තබා සිය අත ඉවතට ගනිද්දීම ඔහුගේ අත  ඔහු ඉනෙහි වූ අසිපත්හි මිට හා ගැටුනි පුඔහුව පුදුමයට පත්කරමින් සරදියෙල ඔහු වෙත ලබාදී තිබූ මල කෑ අසිපත මොහොතකට දිදිලුම් දුන්නේය
එය දුටු මහලු මිනිසා එම අසිපත දෙස බලා ඉතා අනුකම්පා සහගත ලෙස අභය දෙස බැලීය
“ඔබ කරැනාවන්ත පුද්ගලයෙක් එහෙත් ඔබේ අනාගතය අඳුරැයි, සියල්ල ඔබේ අතේ”
ඔහු පැවසීය මෙය අම්බලම තුල සිටියවුන්ගේ අවධානය දිනාගැනීමට සමත්විය ඔවුන් සියලුදෙනාම අභය වෙත සිය උකුසු ඇස් යොමුකරනු දුටු සරදිලයල් වහාම ඒ තැනට පැමින අභයගේ කරට සිය අත දමා ඔහුව රැගෙන ඉදිරියට ඇදෙන්නට විය
මේ අතර මහල්ලා දිගින් දිගටම
“සියල්ල ඔබේ අතේ” යනුවෙන් පවසමින් ‍මොර දෙන්නට විය වැඩිවෙලාවක් යන්නට මත්තෙන් අම්බලම තුල වූ දෙදෙනෙකු එලියට විත් මහල්ලාට පහරදී ඔහු අත වූ මස් කැබැල්ල උදුරා බිම දමා පාගා දැමීය
“මිත්‍රයා මේ සොරුන්ගේ සැනකෙලිය කවුරැවත් ඔබට කරැනාවන්ත වේවි යැයි සිතන්න එපා” සෑහෙන පමණ ඈතකට ගිය පසු සරදියෙල් රහසින් අභය වෙත පැවසීය

සම්පූර්ණ ගම්මානයම විලක්කු එලි වලින් ආලෝකමත්ව තිබුනි සැමතැනම පාහේ වෙලඳසැල් වල විවිධ දේ විකිනෙමින් තිබුනි      

No comments:

Post a Comment